පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
251/2024
ගරු අජිත් ගිහාන් මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධ වගඋත්තරකරුවන් මේ දක්වා නීතිය ඉදිරියට ගෙන ඒමට නොහැකි වී ඇති බවත්;
(ii) ඉහත ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් ඇතුළු වගඋත්තරකරුවන් ඉතාම කඩනමින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනු ඇති බවට කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව සහ අනෙකුත් ආගමික නායකයන් අපේක්ෂා කරන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) එසේ නම්, ඉහත ප්‍රහාරයට සම්බන්ධ වගඋත්තරකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කර ඉහත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-07
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන ලද විමර්ශන අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන එම සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණ නඩු 41ක්, මහාධිකරණ 14ක නීතිපතිතුමා විසින් අධිචෝදනා ගොනු කර ඇති අතර, තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.
(ii) ඔව්.
(ආ) පාස්කු ප්‍රහාරය සම්බන්ධව චැනල් 4 නාළිකාව තුළින් අනාවරණය වූ කරුණුද, ඊට පරිබාහිරව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වන කරුණුද පදනම් කරගෙන තවදුරටත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අතර, ඒ තුළින් අනාවරණය වන කරුණු මත ඉදිරි නෛතික පියවර ගැනීමට නියමිතය.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks