පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
242/2024
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කිරුළපන මංසන්ධිය හරහා ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම ඉදිකිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එය ඉදිකරනු ලබන කාල වකවානුව කවරේද;
(iii) ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගන්නේ දේශීය වශයෙන්ද නැතහොත් විදේශීය වශයෙන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-07
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පසුගිය කාලයේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් දේශීය අරමුදල් සපයා ගැනීමට අපොහොසත් වූ බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට 2022.11.10 දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමෝපායකරණ හා කඩිනම් කිරීමේ බලතල සහිත නිලධාරි කමිටුව - RAMP - මඟින් තීරණය කරන ලද බැවින්, මෙම පාලම ඉදිකිරීම දැනට ක්‍රියාත්මක නොවේ.
(ii) 2022.11.10 දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමෝපායකරණ හා කඩිනම් කිරීමේ බලතල සහිත නිලධාරි කමිටුව - RAMP - මඟින් තීරණය කරන ලද බැවින්, මෙම පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයකට එළැඹ නැත.
(iii) ඉහත තීරණය හේතුවෙන්, මෙම පාලම ඉදිකිරීම දැනට ක්‍රියාත්මක නොවන අතර, ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගනු ලැබීම සම්බන්ධයෙන් තීරණය කර නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks