E   |     |  

 දිනය: 2025-01-21   පිළිතුර ලබා දී ඇත 

0240/2025: රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්: නව"END POST" තනතුරු

240/2024

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       මේ වනවිට රජයේ ඇතැම් ප්‍රධාන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සඳහා End Post නමින් නව තනතුරු නිර්මාණය කර ඇති බව දන්නේද;

            (ii)       එම තනතුරු නිර්මාණය කිරීම සිදු කරනු ලබන විද්‍යාත්මක පදනම කවරේද;

(iii) නොඑසේ නම්, සමහර නිලධාරින්ගේ අභිමතය පරිදි අභිමත අවස්ථාවලදී පමණක් එම තනතුරු නිර්මාණය කරන්නේද;

(iv) ඒ සඳහා විධිමත්, විනිවිදභාවයෙන් යුත් සහ පුද්ගල අභිමතයන්ට අනුව හැසිරවිය නොහැකි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නේද;

(v) එසේ නම්, එම දින වකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අංක 1176/15 - 2001.03.22 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව රජයේ ශික්ෂණ රෝහල්වල සේවා අවශ්‍යතාව මත ‘END POST’ තනතුරු නිර්මාණය කර ඇත.

 

      (ii)        1.     වෛද්‍ය විද්‍යා හා තාක්ෂණයේ දියුණුවත් සමඟ රටේ වෛද්‍ය සේවාවේ දියුණුවක් ඇති කිරීමට හා විශිෂ්ටත්වයෙන් යුතු වෛද්‍ය මධ්‍යස්ථාන බිහි කිරීම.

2. රෝහල්වල ඇති සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හා සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම.

3. විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමෙන් එක් වෛද්‍යවරයෙකුට සිටින රෝගීන් ප්‍රමාණය අඩු වීම මඟින් වඩා සුරක්ෂිත සේවාවක් ලබා දීම.

4. උපාධි සහ පශ්චාත් උපාධි සිසුන්හට ගුණාත්මක පුහුණුවක් ලබා දීම.

5. විශේෂඥ වෛද්‍යවරුන්ගේ බුද්ධි ගලනය අවම කිරීම.

(iii) නැත.

(iv) මේ සඳහා දැනටමත් ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකව පවතින අතර, ඒ අනුව කටයුතු කරනු ලැබේ.

(v) පැන නොනඟී.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-01-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks