පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
239/2024
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ වෙනත් පුහුණු සෞඛ්‍ය වෘත්තිකයන් රට හැර ගිය බවත්;
(ii) එමඟින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට අහිතකර බලපෑමක් සිදු වන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ සේවය කරනු ලබන;
(ii) ඉදිරියේදී රජයේ සෞඛ්‍ය සේවයෙන් විධිමත් සේවාවක් සැපයීම සඳහා සිටිය යුතු;
(iii) වර්ෂ 2022 සිට 2024 නොවැම්බර් මස දක්වා, විශ්‍රාම ගැන්විය යුතු වයස සම්පූර්ණ නොවී සේවයෙන් ඉවත් වූ;
(iv) විශේෂඥ පුහුණුව ඇතුළු විවිධ අධ්‍යයන ආයතනවල මේ වනවිට පුහුණු වෙමින් සිටින;
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරින්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා නිලධාරින් සහ කණිෂ්ඨ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) ඔවුන් කඩිනමින් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-09
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයන් විදේශ රැකියාවල නියුතු වීම, අධ්‍යාපන කටයුතු හා වෙනත් කරුණු සඳහා විදේශගත වී ඇත.
(ii) සෞඛ්‍ය වෘත්තිකයන් විදේශ රැකියා සඳහා යොමු වුවද, වෛද්‍ය, හෙද, අතුරු, පරිපූරක ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු රැකියා සඳහා අඛණ්ඩව බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදු කර පුරප්පාඩු සම්පූර්ණ කරන අතරම, දැනට පවත්නා මානව සම්පත කළමනාකරණය මඟින් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා විධිමත්ව පවත්වාගෙන යෑමට කටයුතු සිදු කරනු ලැබේ. තවද, වෛද්‍ය නිලධාරින්ගේ හිඟයක් ඇති වීම වැළැක්වීමේ අරමුණෙන් සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
(ආ) (i), (ii), (iii) සහ (iv) ප්‍රශ්නවලට පිළිතුරු ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
ඇමුණුම - 01
|
සේවා ගණය |
මේ වන විට සේවය කරනු ලබන |
සිටිය යුතු (අනුමත කාර්ය මණ්ඩලය) |
2022 සිට 2024 නොවැම්බර් දක්වා විශ්‍රාම ගැන්විය යුතු වයස සම්පූර්ණ නොවී සේවයෙන් ඉවත් වූ |
විශේෂඥ පුහුණුව ඇතුළු විවිධ අධ්‍යයන ආයතනවල මේ වන විට පුහුණු වෙමින් සිටින |
||
|
විශේෂඥ වෛද්‍ය නිලධාරින් |
2,004 |
2,837 |
සේවය හැර යාමේ නියෝග නිකුත් කළ සංඛ්‍යාව |
59 |
පශ්චාත් උපාධි පුහුණුව ලබන |
4,377 |
|
|
|
|
සේවයෙන් ඉල්ලා අස් වූ |
04 |
පශ්චාත් උපාධි විදේශ පුහුණුව ලබන |
680 |
|
|
|
|
|
|
සීමාවාසික පුහුණුව සඳහා රෝහල් වෙත අනුයුක්ත කර ඇති |
1,924 |
|
වෛද්‍ය නිලධාරින් |
21,496 |
22,701 |
සේවයෙන් ඉල්ලා අස් වූ |
400 |
|
|
|
|
|
|
සේවය අතහැර ගිය |
628 |
|
|
|
හෙද නිලධාරින් |
41,876 |
44,665 |
තනතුර අතහැර ගිය |
630 |
8,882 |
|
|
|
|
|
සේවා කාලය වසර 20න් විශ්‍රාම ලැබූ |
184 |
|
|
|
පරිපූරක සේවා නිලධාරින් |
5,666 |
6,950 |
සේවයෙන් ඉල්ලා අස් වූ |
30 |
150 |
|
|
|
|
|
සේවය අතහැර ගිය |
154 |
|
|
|
අතුරු වෛද්‍ය සේවා |
13,745 |
17,656 |
සේවයෙන් ඉල්ලා අස් වූ |
07 |
1,374 |
|
|
|
|
|
සේවය අතහැර ගිය |
48 |
|
|
|
කනිෂ්ඨ සේවා නිලධාරින් |
48,882 |
58,445 |
සේවය හැර යාමේ නියෝග නිකුත් කළ (ඇ) • දැනට විදෙස් පුහුණුව ලබන විශේෂඥ වෛද්‍ය නිලධාරින්ගේ පුහුණුව අවසන් වීමෙන් පසුව පුරප්පාඩු පවතින රෝහල් වෙත අනුයුක්ත කිරීම.
මෙහිදී මතුව තිබෙන ප්‍රශ්නයක් තමයි ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම පසුගිය කාලයේ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම් සිදු කරපු ආකාරය අනුව අපට සමහර මාරුවීම් කිරීමේ අපහසුතාවක් තිබීම. නමුත් අපි ඒකට නිශ්චිත ක්‍රමයක් සකස් කරනවා.
(ඈ) පැන නොනඟී.
|
677 |
- |
|
පිළිතුරු දුන් දිනය
2025-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks