01

E   |     |  

 දිනය: 2025-01-09   පිළිතුර ලබා දී ඇත 

0239/2025: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය: වෘත්තිකයන් සහ පුහුණු නිලධාරින්

----

අසන ලද දිනය

2025-01-09

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයන් විදේශ රැකියාවල නියුතු වීම, අධ්‍යාපන කටයුතු හා ‍වෙනත් කරුණු සඳහා විදේශගත වී ඇත.

              (ii)      සෞඛ්‍ය වෘත්තිකයන් විදේශ රැකියා සඳහා යොමු වුවද, වෛද්‍ය, හෙද, අතුරු, පරිපූරක ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු රැකියා සඳහා අඛණ්ඩව බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදු කර පුරප්පාඩු සම්පූර්ණ කරන අතරම, දැනට පවත්නා මානව සම්පත කළමනාකරණය මඟින් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා විධිමත්ව පවත්වාගෙන යෑමට කටයුතු සිදු කරනු ලැබේ. තවද, වෛද්‍ය නිලධාරින්ගේ හිඟයක් ඇති වීම වැළැක්වීමේ අරමුණෙන් සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

(ආ) (i), (ii), (iii) සහ (iv) ප්‍රශ්නවලට පිළිතුරු ඇමුණුම 01 මඟින් දක්වා ඇත.

ඇමුණුම - 01

සේවා ගණය

මේ වන විට සේවය කරනු ලබන

සිටිය යුතු (අනුමත කාර්ය මණ්ඩලය)

2022 සිට 2024 නොවැම්බර් දක්වා විශ්‍රාම ගැන්විය යුතු වයස සම්පූර්ණ නොවී සේවයෙන් ඉවත් වූ

විශේෂඥ පුහුණුව ඇතුළු විවිධ අධ්‍යයන ආයතනවල මේ වන විට පුහුණු වෙමින් සිටින

විශේෂඥ වෛද්‍ය නිලධාරින්

2,004

2,837

සේවය හැර යාමේ නියෝග නිකුත් කළ සංඛ්‍යාව

59

පශ්චාත් උපාධි පුහුණුව ලබන

4,377

 

 

 

සේවයෙන් ඉල්ලා අස් වූ

04

පශ්චාත් උපාධි විදේශ පුහුණුව ලබන

680

 

 

 

 

 

සීමාවාසික පුහුණුව සඳහා රෝහල් වෙත අනුයුක්ත කර ඇති

1,924

වෛද්‍ය නිලධාරින්

21,496

22,701

සේවයෙන් ඉල්ලා අස් වූ

400

 

 

 

 

සේවය අතහැර ගිය

628

 

හෙද නිලධාරින්

41,876

44,665

තනතුර අතහැර ගිය

630

8,882

 

 

 

සේවා කාලය වසර 20න් විශ්‍රාම ලැබූ

184

 

පරිපූරක සේවා නිලධාරින්

5,666

6,950

සේවයෙන් ඉල්ලා අස් වූ

30

150

 

 

 

සේවය අතහැර ගිය

154

 

අතුරු වෛද්‍ය සේවා

13,745

17,656

සේවයෙන් ඉල්ලා අස් වූ

07

1,374

 

 

 

සේවය අතහැර ගිය

48

 

කනිෂ්ඨ සේවා නිලධාරින්

48,882

58,445

සේවය හැර යාමේ නියෝග නිකුත් කළ

(ඇ)         •      දැනට විදෙස් පුහුණුව ලබන විශේෂඥ වෛද්‍ය නිලධාරින්ගේ පුහුණුව අවසන් වීමෙන් පසුව පුරප්පාඩු පවතින රෝහල් වෙත අනුයුක්ත කිරීම.

  • දැනට පශ්චාත් උපාධි පුහුණුව ලබන 4,377ක්, පශ්චාත් උපාධි විදේශ පුහුණුව ලබන 680ක්, සීමාවාසික පුහුණුව සඳහා රෝහල් වෙත අනුයුක්ත කර ඇති 1,924ක් ඉන්නවා. එයට අදාළව සීමාවාසික පුහුණුව අවසන් කර ඇති ශ්‍රේණි වෛද්‍ය නිලධාරින් පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව අනුව කඩිනමින් බඳවා ගැනීම. සීමාවාසික පුහුණුව අවසන් කර ඇති ශ්‍රේණි වෛද්‍ය නිලධාරින් පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව අනුව කඩිනමින් බඳවා ගැනීම.
  • 2019 සිසු හෙද කණ්ඩායම් මේ වන විට ලිඛිත හා ප්‍රායෝගික විභාගය සමත්ව ඇති පිරිස මධ්‍යම රජයේ හා පළාත් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා 2025 වර්ෂයේ පළමු කාර්තුවේ බඳවා ගැනීමට නියමිතව පැවතීම.
  • පරිපූරක වෛද්‍ය සේවයට අයත් මේ වන විට උපාධිධාරි අනුස්ථාපන හා සමායෝජන පුහුණුව ලබා දීමට අනුමැතිය ලබා දී ඇති තනතුරු සඳහා බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින්  පවතී.
  • අතුරු වෛද්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා 2024.03.22 දිනැති ගැසට් නිවේදනය අනුව අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බැවින් සුදුසුකම් ලැබූවන් ඉදිරියේදී පුහුණුවට  බඳවා ගැනීමට නියමිතව ඇත.
  • කණිෂ්ඨ සේවා නිලධාරින් සඳහා ද විවෘත හා සීමිත බඳවා ගැනීම්, අදාළ අනුමැතීන් අනුව සිදු කරනු ලැබේ.

 

මෙහිදී මතුව තිබෙන ප්‍රශ්නයක් තමයි ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම පසුගිය කාලයේ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම් සිදු කරපු ආකාරය අනුව අපට සමහර මාරුවීම් කිරීමේ අපහසුතාවක් තිබීම. නමුත් අපි ඒකට නිශ්චිත ක්‍රමයක් සකස් කරනවා.

 

(ඈ) පැන නොනඟී.

 

 

 

677

-

පිළිතුරු දුන් දිනය

2025-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks