පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
238/2024
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ රජයේ සහ පෞද්ගලික රෝහල්වල ඖෂධ, ශල්‍ය හා වෛද්‍ය උපකරණ, රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ සහ ප්‍රතික්‍රීයක එක්ස්-රේ වැනි විකිරණශීලී පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ ආදියෙහි හිඟයක් පවතින බව දන්නේද;
(ii) එසේ නම්, ඉහත (i)හි සඳහන් ඖෂධ හා උපකරණ අතරින් මේ වනවිට තිබෙන ඖෂධ හා උපකරණ සහ හිඟ ඖෂධ හා උපකරණ සම්බන්ධයෙන් වාර්තාවක් තිබේද;
(iii) 2025 වර්ෂය අවසානය දක්වා ඉහත සඳහන් ඖෂධ හා උපකරණ අඛණ්ඩව සැපයීම සඳහා සකස් කර ඇති සැලසුම් කවරේද;
(iv) යම් ඖෂධයක් හෝ උපකරණයක් හිඟවීමට අවකාශ තිබේද;
(v) ඉහත ඖෂධ හෝ උපකරණ ලබා ගැනීමට හා ඒවා නොමැති වීමෙන් ඇති විය හැකි අවදානම මඟහරවා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-07
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විමසනු ලබන වෛද්‍ය හා ශල්‍ය සැපයුම් අතුරින් සුළු ප්‍රමාණයක හිඟතා වරින් වර ඇති වේ.
(ii) වෛද්‍ය හා ශල්‍ය සැපයුම් විචල්‍යමය කාරණයක් වන අතර, ඒ සම්බන්ධව "ස්වස්ථා" පරිගණක මෘදුකාංගය හරහා ලබා ගත හැක්කේ දෛනික වාර්තාවකි. එබැවින් යම් කාල සීමාවකට බලපාන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම අසීරුය.
(iii) ඖෂධ සමාලෝචන කමිටුව - Drug Review Committee - මඟින් ඖෂධ මිලදී ගැනීම් හා බෙදාහැරීම් පිළිබඳව අඛණ්ඩව සමාලෝචනය කරනු ලැබේ. එසේම 2025 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්මෙහි ඖෂධ මිලදී ගැනීම් ක්‍රියාවලියට අදාළව සැලසුම් සකස් කරමින් පවතී.
(iv) ඔව්.
ඇතැම් අවස්ථාවලදී විදේශීය වෙළෙඳ පොළෙහි පවත්නා අමුද්‍රව්‍ය ඌනතා හෝ යම් අවස්ථාවක හදිසියේ වෛද්‍ය උපකරණ අක්‍රියත්වයට පත්වීම වැනි හේතු නිසා යම් යම් ඖෂධ හෝ උපකරණ සියයට 100ක්ම වර්ෂය පුරා සැපයීම සිදු කළ නොහැකි ගැටලුවක් ඇති අතර, ඒ පිළිබඳව වාර්තා වී ඇත.
(v) යම් අවස්ථාවකදී යම් ඖෂධයක් හිඟ වුවහොත් එම ඖෂධ ආයතන ප්‍රධානීන් මඟින් දේශීයව මිලදී ගැනීමටත් - through local purchase - යම් උපකරණයක අකර්මණ්‍යතාවක් නිසා පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වුවහොත් එය පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන්කොට, එම ආයතන මඟින් සිදු කර ගැනීමටත් උපදෙස් ලබා දී ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks