පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2658/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි ස්වයං රැකියාවල නිරත වීමට කැමති සැමට අදාළ ස්වයං රැකියාවට අවශ්‍ය උපකරණ කට්ටලය බැගින් නොමිලේ ලබාදී තිබේද;
(ii) එසේ නම්, ස්වයං රැකියාවලට අවශ්‍ය එම උපකරණ කට්ටල නොමිලේ ලබාදී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-09
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා (ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே - பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர்)
(The Hon. Susantha Punchinilame - Deputy Minister of Economic Development)
ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන අයට තාක්ෂණික පුහුණුවක් ලබා දෙන අතර, එම තාක්ෂණික පුහුණුව සාර්ථකව නිම කරන ලද ප්‍රතිලාභීන් සඳහා කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය වියදමින් සියයට 50ක් රුපියල් 30,000ක උපරිමයකට යටත්ව දිරි ගැන්වීමේ සහනාධාරයක් ලෙස ලබා දේ.
(ii) ඉහත යෝජනා ක්‍රමය යටතේ ගෘහ කර්මාන්තවල නියැලෙන ව්‍යවසායකයන් සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් කර්මාන්ත ප්‍රදර්ශන පවත්වා ඒ යටතේ තෝරා ගත් ප්‍රතිලාභීන් 16,000ක් පුහුණු කර ඇත. මෙම පුහුණු ව්‍යවසායකයින් හට 2012 වර්ෂයේ හා 2013 වර්ෂයේ ඔක්තෝබර් මස 31 වන දින දක්වා දිවිනැගුම ජාතික ව්‍යාපාරය යටතේ දිරිගැන්වීමේ සහනාධාර පදනම මත පවුල් 5087කට රුපියල් මිලියන 104ක් වටිනා ස්වයං රැකියා උපකරණ ලබා දෙන ලදී.
තවද, 2012 වර්ෂයේ හා 2013 වර්ෂයේ ඔක්තෝබර් මස 31 වන දින දක්වා දිවිනැගුම ජාතික ව්‍යාපාර යටතේ පශු සම්පත් අංශය හා ධීවර කර්මාන්ත අංශය සඳහා පවුල් 12,083කට රුපියල් මිලියන 286.01ක යෙදවුම් ලබා දී ඇත.
මීට අමතරව දිවිනැගුම ජාතික ව්‍යාපාරයට සමගාමීව බැංකු 16ක් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම මඟින් ගෘහ කර්මාන්ත, ධීවර හා පශු සම්පත් අංශ යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ණය ලබා දීමට කටයුතු කරනු ලැබේ. මේ යටතේ 2011 වසරේ සිට 2013.11.30 දින දක්වා ප්‍රතිලාභීන් 127,919 දෙනකු සඳහා රුපියල් මිලියන 8,005.86ක මුදලක් ලබා දී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks