පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
237/2024
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ලබා දෙන වීසා වර්ග කවරේද;
(ii) E8 වීසා යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කොරියානු රජයේ රැකියා සඳහා පිටත් කර යැවීමට පසුගිය රජය විසින් ගනු ලැබූ තීරණයේ පදනම කවරේද;
(iii) ඒ යටතේ කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම ශ්‍රමිකයින් විපතට පත් වී ඇති බව දන්නේද;
(v) එසේ නම්, විපතට පත් වූ සංඛ්‍යාව කොපමණද;
(vi) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත් කරනු ලබන්නේ E8 වීසා යටතේ පමණක්ද;
(ii) වෙනත් වීසා වර්ග තිබේ නම්, ඒවා කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-09
අසන ලද්දේ
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කොරියාවේ රැකියා සඳහා පිටත් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ලබා දෙන වීසාවලට අදාළව E9 සහ E7 කියලා වර්ග දෙකක් තමයි තිබෙන්නේ. කොරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කරපු අවබෝධතා ගිවිසුම අනුව තමයි E9 වීසා කාණ්ඩය තිබෙන්නේ. E7 වීසා කාණ්ඩය ලෙස තිබෙන්නේත්, විශේෂයෙන්ම වෘත්තිකයන් සඳහා ලබා දෙන වීසා කාණ්ඩයයි.
(ii) මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැනුවත්වීමක් හෝ මැදිහත්වීමක් නොමැත. ඒ කියන්නේ, E8 visa ලබා දීම පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කිරීමක් හෝ මැදිහත්වීමක් කරලා නැහැ කියන එකයි.
(iii) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමක් සිද්ධ වන්නේ නැති නිසා එහෙම කොයි තරම් ප්‍රමාණයක් ගියාද කියලා දන්නේ නැහැ.
(iv) එහෙම ගිය ශ්‍රමිකයන් විපතට පත් වුණාද කියලා හොයා ගන්න ක්‍රමයකුත් නැහැ.
(v) ඒ නිසා ඒ ප්‍රමාණය කීයද - සංඛ්‍යාව කීයද - කියලා කියන්න හැකියාවක් නැහැ.
(vi) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත් වීමට හැකියාවක් පවතිනුයේ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගත්, නීත්‍යනුකූල රැකියා සඳහා විදේශගත වූ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් පමණි.
(ආ) (i) E8 visa කාණ්ඩය යටතේ එවැනි තත්ත්වයක් නැහැ. මොකද, නියමිත නීත්‍යනුකූල ලියාපදිංචියක් සිද්ධ වෙලා නැහැ.
(ii) ඇත්තටම ගත්තොත්, E8 visa කියලා අපේ රජය පිළිගත් වීසා ක්‍රමයක් නැහැ. ඊට අමතරව, E9 සහ E7 කියන වීසා කාණ්ඩ තමයි ක්‍රියාත්මක වෙන්නේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks