පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
236/2024
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණයක් නොමැති වීම සහ නිසි පරිදි දත්ත පද්ධතිය නඩත්තු නොකිරීම හේතුවෙන් ඖෂධ හිඟයක් ඇති වී ඇති අතර ඖෂධ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත්;
(ii) එම තත්ත්වය සමස්ත සෞඛ්‍ය පද්ධතියේ පැවැත්මට අභියෝගයක් වී ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියේ ඖෂධ තොග කළමනාකරණය සම්බන්ධයෙන් පරිගණක මෘදුකාංග පද්ධතියක් තිබේද;
(ii) එසේ නම්, එය කවරේද;
(iii) එම පද්ධතිය අඛණ්ඩව යාවත්කාලීන කරන්නේද;
(iv) ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ තොග බෙදාහැරීමේ ක්‍රියාවලිය නිතිපතා අධීක්ෂණය කරන්නේද;
(v) එහි වගකීම දරන්නේ කවුරුන්ද;
(vi) මෙම සමස්ත ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති අක්‍රමිකතා සහ දුර්වලතා කවරේද;
(vii) ඒවා වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-07
අසන ලද්දේ
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියට සම්බන්ධ ආයතන අතර සම්බන්ධීකරණයක් කෙරෙමින් පවතී. දත්ත පද්ධතිය තවදුරටත් දියුණු කිරීම සඳහා පියවර ගනිමින් සිටී.
(ii) මෙම පද්ධතියේ තිබෙන්නා වූ ගැටලුකාරී තත්ත්වය මත සේවා සැපයීම අභියෝගයට ලක් නොවන පරිදි ආයතන අතර අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදු කරමින් පවතී.
(ආ) (i) ඔව්.
(ii) ස්වස්ථා පරිගණක මෘදුකාංග පද්ධතිය.
(iii) ඔව්.
(iv) ඔව්.
(v) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්)
(vi) 1. ඇතැම් ඖෂධ සඳහා ප්‍රමාණවත් ලියාපදිංචි සැපයුම්කරුවන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබාගෙන නොමැති වීම.
2. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් ද මිල ගණන් කැඳවන අවස්ථාවේ ලංසු ඉදිරිපත් නොකිරීම.
3. ලංසුකරුවන් ඇතැම් ඖෂධ සඳහා අධික මිල ගණන් ඉදිරිපත් කිරීම.
4. සැපයුම්කරුවන් නිසි වේලාවට සැපයීම් සිදු නොකිරීම.
(vii) අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයීය ඖෂධ සමාලෝචන කමිටු රැස්වීම පැවැත්වීම හා එම රැස්වීම අමාත්‍යතුමා විසින් අධීක්ෂණය කිරීම ඇතුළු ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks