01

E   |     |  

 දිනය: 2025-01-07   පිළිතුර ලබා දී ඇත 

0236/2025: ඖෂධ තොග කළමනාකරණය සඳහා වන මෘදුකාංග පද්ධතිය: විස්තර

----

අසන ලද දිනය

2025-01-07

අසන ලද්දේ

ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියට සම්බන්ධ ආයතන අතර සම්බන්ධීකරණයක් කෙරෙමින් පවතී. දත්ත පද්ධතිය තවදුරටත් දියුණු කිරීම සඳහා පියවර ගනිමින් සිටී.

              (ii)      මෙම පද්ධතියේ තිබෙන්නා වූ ගැටලුකාරී තත්ත්වය මත සේවා සැපයීම අභියෝගයට ලක් නොවන පරිදි ආයතන අතර අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදු කරමින් පවතී.

(ආ) (i) ඔව්.

      (ii) ස්වස්ථා පරිගණක මෘදුකාංග පද්ධතිය.

     (iii) ඔව්.

     (iv) ඔව්.

     (v) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්)

    (vi) 1. ඇතැම් ඖෂධ සඳහා ප්‍රමාණවත් ලියාපදිංචි සැපයුම්කරුවන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබාගෙන නොමැති වීම.

          2. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් ද මිල ගණන් කැඳවන අවස්ථාවේ ලංසු ඉදිරිපත් නොකිරීම.

          3. ලංසුකරුවන් ඇතැම් ඖෂධ සඳහා අධික මිල ගණන් ඉදිරිපත් කිරීම.

           4. සැපයුම්කරුවන් නිසි වේලාවට සැපයීම් සිදු නොකිරීම.

    (vii) අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයීය ඖෂධ සමාලෝචන කමිටු රැස්වීම පැවැත්වීම හා එම රැස්වීම අමාත්‍යතුමා විසින් අධීක්ෂණය කිරීම ඇතුළු ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks