පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ‘දේශපාලන සිරකරු’ යන්න සඳහා ශ්‍රී ලංකා රජයේ අර්ථ නිරූපණය කවරේද;
(ii) මේ වනවිට ශ්‍රී ලංකා රජයේ අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම එක් එක් දේශපාලන සිරකරුවාගේ නම සහ අත්අඩංගුවට ගැනීමට හේතුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ කාල වකවානු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බන්ධනාගාර ආඥාපනත හා අනිකුත් බන්ධනාගාර නීති රෙගුලාසි "දේශපාලන සිරකරුවන්" ලෙස වෙන් කරන ලද කොට්ඨාසයක් සම්බන්ධයෙන් කිසිදු අර්ථ නිරූපණයක් කර නොමැත.
එහෙත් ගරු මන්ත්‍රීතුමා මගෙන් අහන්නේ ආණ්ඩුවේ ස්ථාවරය. ඒ අනුව පැහැදිලි කරන්නට වන්නේ අපි රටක් වශයෙන්, රජයක් වශයෙන් අන්තර්ජාතිකව පිළිගත් නිර්වචනවලට තමයි අනුගත වෙන්නේ කියන එකයි. Amnesty International ආයතනය, Parliamentary Assembly of the Council of Europe සහ United Nations Working Group on Arbitrary Detention කියන තුන විසින් "දේශපාලන සිරකරු" යන්න නිර්වචනය කර තිබෙනවා. අපත් එයටයි අනුගත වන්නේ. මම Amnesty International එකේ අර්ථ නිරූපණය මුලින්ම කියන්නම්. According to "Amnesty International Report 2021/22: The State of the World's Human Rights", "political prisoners" are, "individuals who are imprisoned because of their political beliefs, affiliations or peaceful expression of dissent, provided they have not used or advocated violence". The Parliamentary Assembly of the Council of Europe defines a "political prisoner" as "anyone who is detained for political reasons, such as their political activities, expressions or affiliations, where the detention violates basic international standards of justice, fairness or human rights". Then, the United Nations Working Group on Arbitrary Detention defines that political prisoners include "persons who are deprived of their liberty for exercising rights and freedoms guaranteed under the international human rights law, such as freedom of expression, peaceful assembly and freedom of association". ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, ඒ අනුව රජයේ ස්ථාවරය වන්නේ අන්තර්ජාතිකව පිළිගත් නිර්වචනයට තමයි අනුගත වෙන්නේ කියන එකයි.
(ii) අධිකරණ මඟින් සිරකරුවන්/ සැකකරුවන් වශයෙන් බන්ධනාගාරගත කරන අතර, දේශපාලන සිරකරුවන් වශයෙන් ගරු අධිකරණ මඟින් රැඳවියන් බන්ධනාගාරගත කර හෝ බන්ධනාගාරයේ රඳවා හෝ නොමැත.
(iii) ඉහත අනු අංක (ii)හි පිළිතුර අනුව අදාළ නොවේ.
(iv) ඉහත අනු අංක (ii)හි පිළිතුර අනුව අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks