E   |     |  

 දිනය: 2026-07-21   පිළිතුර ලබා දී ඇත 

0234/2026: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම: ක්‍රියාමාර්ග

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පොරොන්දුවී තිබේද;

            (ii)       එසේ නම්, එය අහෝසි කරන්නේද;

(iii)  එය අහෝසි කරනු ලබන කාලවකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-21

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)      දැනට පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩල අනුමැතිය මත පත් කරන ලද කමිටුව විසින් අවසන් කර ඇත. එකී පනත් කෙටුම්පත සම්මත වූ වහාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කෙරෙනු ඇත.

(ආ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-07-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks