පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
233/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) බස්නාහිර පළාතේ සිවිල් අභියාචනා බලය ක්‍රියාත්මක කරනු ලබන පළාත්බද මහාධිකරණයක්, පානදුර අධිකරණ පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට නිර්දේශ කර ඇති බව දන්නේද;
(ii) එම නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;
(iii) පානදුර, ‘සිවිල් අභියාචනා මහාධිකරණය’ හැකි ඉක්මනින් ස්ථාපිත කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-05
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
සිවිල් අභියාචන මහාධිකරණය ස්ථාපිත කිරීමට නිර්දේශ කිරීම ගරු අගවිනිසුරුතුමා සභාපතිත්වය දරන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබයි. මෙතෙක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් එවැනි නිර්දේශයක් සිදු කොට නොමැත. එසේ නමුත් 2021 වර්ෂයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සමයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ කලාප නිර්ණය කිරීමේ කමිටු වාර්තාවේ පානදුර සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. මෙම වාර්තාව ඉතා හොඳ වාර්තාවක් වුවත් එය ක්‍රියාත්මක කළ හැක්කේ අභියාචනාධිකරණයේ සභාපතිතුමා සහ ගරු අගවිනිසුරුතුමා විසින් එයට එකඟතාව ලබා දී ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුවයි. මෙතෙක් එම වාර්තාවේ සම්පූර්ණ නිර්දේශ ගැසට් කර නොමැති බැවින් එහි නිර්දේශ ක්‍රියාත්මක කළ හැක්කේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මතයි. උක්ත වාර්තාව නිකුත් කිරීමෙන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය, වර්තමාන ලෝක යුද තත්ත්වය සහ නීතිඥ සංගම්වල ඉල්ලීම් සැලකිල්ලට ගත් විට අධිකරණ කලාප නිර්ණය කිරීමේ වාර්තාව වර්තමානයට ගැළපෙන පරිදි සමාලෝචනයට ලක් කළ යුතුව ඇත.
(ii) කෙසේ වුවද, වර්තමාන රජය සියලු පාර්ශ්වයන්ට සෑම විටම අහුම්කන් දී සාධනීය විසඳුම් ලබා දීමට උත්සාහ කරයි. පසුගිය දිනක පානදුර නීතිඥ සංගමයද කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීතුමිය සමඟ මා හමු වී පානදුර සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව වහාම එම යෝජනාව අධිකරණ පරිපාලන විෂය ක්‍රියාත්මක කරන ගරු අගවිනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ අතර, එහි පිටපතක් ඇමුණුම ලෙස ඉදිරිපත් කරමි.
(iii) පානදුර සිවිල් අභියාචනා මහාධිකරණය ස්ථාපිත කිරීම සඳහා යටිතල පහසුකම් සැපයීමට නීතිඥ සංගමය ද යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. එම යෝජනා ද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදු කරන නිර්දේශ අනුව ඉදිරි කටයුතු සිදු කරමි. අධිකරණ පරිපාලන විෂය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදු කරන අතර, අධිකරණ සඳහා යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම පමණක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් සිදු කරන බවද නැවත වරක් අවධාරණය කරමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-05-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks