පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-20
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
අධිකරණ පද්ධති තුළ සිදු වන ප්‍රමාදයන් වැළැක්වීමේ යන්ත්‍රණයක් ලෙස අධිකරණ පද්ධතියට වඩා නඩුවක් ගොනු කිරීමේදී ඇති වන තාක්ෂණික ප්‍රමාදයන් වැළැක්වීමේ යන්ත්‍රණයක් ලෙස ප්‍රධාන වශයෙන් අපි රජයේ ප්‍රධාන අධිචෝදක කාර්යාලයක් ස්ථාපිත කර ගැනීම සහ ඒ හා සමගාමීව පළාත්බදව උපකාර්යාල පිහිටුවීම සඳහා තමයි සාකච්ඡාව තිබෙන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධව "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් යෝජනා කර තිබෙනවා.
ගරු කථානායකතුමනි, ඒ වාගේම නීතිපති දෙපාර්තමේන්තුවත්, අභිචෝදක කාර්යාලයත් වෙන් වෙන් වශයෙන් ස්ථාපිත කිරීමෙන් පසුව තමයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ පළාත්බද කාර්යාල ස්ථාපිත කිරීමට ප්‍රතිපත්තිමය දැක්ම සකස් කොට තිබෙන්නේ. ඒ අනුව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියා තිබෙන දේවල් සහ ඒවායේ මූලික අවශ්‍යතා හඳුනා ගනිමින්, prioritize කරමින් තමයි යන්නේ. මම පසුගිය අවස්ථාවේදීත් ගරු අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමාට පිළිතුරු දුන්නා, අභිචෝදක කාර්යාලය පිහිටුවීම සහ එම අභිචෝදකවරයෙකුට ලැබෙන්නා වූ බලතල මොනවාද, නීතිපතිවරයා ළඟ තබා ගන්නා බලතල මොනවාද යන කරුණු මේ වනකොටත් එම කමිටුව සාකච්ඡා කරමින් ඉන්නවාය කියලා. එම කමිටු සාකච්ඡාවෙන් පසු අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඒ හා සමගාමීව තමයි මෙම අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් පත් කිරීම පළාත්බදව කරන්න සාකච්ඡාව ආරම්භ කරන්නේ.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-06-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks