E   |     |  

 දිනය: 2026-03-17   පිළිතුර ලබා දී ඇත 

0230/2026: "පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය: පළාත්බද රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාල පිහිටුවීමේ පොරොන්දුව

230/2024

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

 (අ)       (i)     රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව පළාත්බද රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාල (Provincial Directorate of Public Prosecution) ස්ථාපිත කරන බව ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් පොරොන්දුවී තිබේද;

(ii)  ඉහත කී ප්‍රතිපත්තිය නිවැරදි බව පිළිගන්නේද;

(iii)  එසේ නම්, ඉහත පොරොන්දුව ප්‍රකාරව නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව ශ්‍රී ලංකාවේ එක් එක් පළාත සඳහා පළාත්බද රජයේ ප්‍රධාන  අභිචෝදක කාර්යාල මේ වනතෙක් ස්ථාපිත නොකිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-03-17

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

            (iii)      එකී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව ස්වාධීන රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ කටයුතු කර ඇත. එකී කමිටුව විසින් ලබා දෙනු ලබන නිර්දේශ මත රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාලය පිහිටුවීම හා ඒ අනුව පළාත්බද රජයේ කාර්යාල පිහිටුවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල තීරණ මත කටයුතු සිදු කෙරෙනු ඇත. එකී කමිටුව විසින් මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටිනු ලබන හෙයින් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks