පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
227/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් පිහිටුවීමට පොරොන්දුවූ ‘රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය’ මේ වනවිට පිහිටුවා තිබේද;
(ii) එම ආයතනය මඟින් මේ වනවිට රජයට අත්පත් කරගෙන ඇති සොරාගත් වත්කම් ප්‍රමාණය කොපමණද;
(iii) එම ආයතනයේ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත මඟින් හෝ අතුරු සම්මත ගිණුම මඟින් එම ආයතනය සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-25
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ ප්‍රතිපාදන යටතේ, ශ්‍රී ලංකා පොලීසියේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන සොරාගන්නා ලද වත්කම් ප්‍රතිෂ්ඨාපන ජාතික ආයතන ලෙස නෛතිකව හඳුන්වා දෙනු ලබයි.
ඒ අනුව, සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් මූලිකව කටයුතු කරනු ලබන මෙම ආයතන දෙක වෙතින් ගෙන්වා ගන්නා ලද තොරතුරුවලට අනුව, ප්‍රශ්න අංක (අ) (ii), (iii) සහ (iv) පහත පරිදි පිළිතුරු සකස් කොට ඇත.
(ii) ඒ අනුව, පොලිස් අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය 2025 අංක 5 පනත ප්‍රකාරව පිහිටුවා දැනට මාසයක පමණ කාලයක් ගතව ඇති හෙයින්, එකී කොට්ඨාසය විසින් මේ වනවිට රජයට අය කරගෙන ඇති සොරාගත් වත්කම් කිසිවක් නොමැති බව සඳහන් කර ඇත.
එලෙසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්ද 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ප්‍රකාරව මෙතෙක් කිසිදු අපරාධයකින් උත්පාදිත දේපළක් අත් පත් කරගෙන නොමැති බව සඳහන් කර ඇත.
(iii) පොලිස් අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයේ මේ වනවිට සේවය කරනු ලබන පොලිස් නිලධාරින් සංඛ්‍යාව පහත පරිදි වේ.
· ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක 01
(කොට්ඨාසයේ අධ්‍යක්ෂ)
· සහකාර පොලිස් අධිකාරි 01
· ප්‍රධාන පොලිස් පරීක්ෂක 02
· පොලිස් පරීක්ෂක 01
· උප පොලිස් පරීක්ෂක 05
· පොලිස් සැරයන් 04
· කාන්තා පොලිස් සැරයන් 01
· පොලිස් කොස්තාපල් 38
· කාන්තා පොලිස් කොස්තාපල් 01
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 26(1) වගන්තිය යටතේ පත් කරගත යුතු නිලධාරින් සහ සේවා නියුක්තික පත් කර ගැනීමට අවශ්‍ය වන එම නිලධාරින් සහ සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික, පාර්ලිමේන්තුව විසින් මෙතෙක් අනුමත කර නොමැති බැවින්, පවතින නීතිය ප්‍රකාරව මෙතෙක් කිසිදු සේවකයෙක් පත්කර නොමැති බව කොමිෂන් සභාව විසින් දන්වා ඇත.
ඒ අනුව, කොමිෂන් සභාවේ මේ වන විට රාජ්‍ය සේවකයන් ලෙස ස්ථාන මාරුවීම් මත අනුයුක්ත කරනු ලැබූ රාජ්‍ය නිලධාරින් හා සේවකයන් 169දෙනෙක්ද, ශ්‍රී ලංකා පොලීසිය විසින් තවත් පොලිස් කොට්ඨාසයන් ලෙස සලකා අනුයුක්ත කරන ලද නිලධාරින් 256දෙනෙක්ද, 1994 අංක 19 දරන පනත යටතේ ස්ථාපිත හා දැනට බලාත්මක නොවන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පත් කරන ලද නීති නිලධාරින් ඇතුළු තවත් නිලධාරින් 63දෙනෙක්ද සේවයේ යෙදී සිටින බවට දන්වා ඇත.
(iv) 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත මඟින් හෝ අතුරු සම්මත ගිණුම මඟින් "රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතන" සඳහාම සුවිශේෂී වූ මුදල් වෙන්කර නොමැති බවත්, ශ්‍රී ලංකා පොලීසියට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමිර්ශන කොමිෂන් සභාවට මුදල් වෙන්කර ඇති බවටත් ලබා දී ඇති පිළිතුරුවලින් ගම්‍ය වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks