E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0226/2025: Recovery of stolen assets

226/2024

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) සහ ස්ටාර් ආයතනය (StAR Initiative) යන ආයතනවල සහය ලබා ගැනීමට ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් පොරොන්දුවී තිබේද;

(ii) එම ආයතන මඟින් තාක්ෂණික සහ උපදේශන සේවා ලබා ගැනීමේ ප්‍රගතිය එක් එක් ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත ආයතන මඟින් තාක්ෂණික සහ උපදේශන සේවාවන් ලබා ගැනීමේ ප්‍රගතියක් නොමැති නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-11

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks