පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
223/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අපනයන සැකසුම් කලාපය සඳහා ඉඩම් පවරා ගැනීමේ ප්‍රගතිය කවරේද;
(ii) පවරා ගන්නා ලද ඉඩම් වෙනුවෙන් මේ වනවිට ගෙවා ඇති වන්දි මුදල කොපමණද;
(iii) ඉහත අපනයන සැකසුම් කලාපයේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට, එම කලාපයට නල ජලය ලබා දීමට සහ විදුලිය සැපයීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉහත කලාපයේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ ප්‍රගතිය කවරේද;
(v) ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘතියක් ලෙස සලකා ඉහත අපනයන සැකසුම් කලාපයේ ඉතිරි සංවර්ධන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-06
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) යෝජිත මිල්ලනිය ආයෝජන ප්‍රවර්ධන කලාපය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව හොරණ වැවිලි පුද්ගලික සමාගම අභියාචනාධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් එහි තීරණය ලැබෙන තුරු ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තාවකාලිකව නතර කර ඇත.
(ii) පවරා ගන්නා ලද ඉඩම වෙනුවෙන් මේ වන විට ගෙවා ඇති වන්දි මුදල සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 91.2යි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදි කිරීමට යෝජිත පැල්පොල අන්තර් හුවමාරුව ඉදිකිරීමට අදාළව ඉඩම් කැබලි 115ක් අත්කර ගෙන ඇත. (හෙක්ටෙයාර 3.0385)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොදු තැන්පත් ගිණුමේ තැන්පත් කළ රුපියල් 91,500,000.00 ප්‍රතිපාදන අත්තිකාරම් මුදලින් අත් කර ගත් ඉඩම් කැබලි 115න් කැබලි 45ක් සඳහා වන්දි ගෙවා ඇති අතර, එම වන්දි ගෙවූ කැබලි 45න් 14ක් සඳහා පොලිය ද ගෙවීමට මිල්ලනිය ප්‍රදේශීය ලේකම් විසින් කටයුතු කර ඇත. මේ වැය වූ මුළු මුදල රුපියල් 91,125,842.04ක් වේ.
(iii) ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 3ක සංවර්ධන කටයුතු සිදු වෙනවා.
මාර්ග පද්ධතිය සංවර්ධනය - රුපියල් 180,000,000.00
ජල පහසුකම් ලබා දීමට - රුපියල් 160,363,156.89
විදුලි බලය ලබා දීමට - රුපියල් 105,200,241.00
(iv) ඉඩම් අත්පත් කර ගැනීමේදී ඇති වී ඇති නීතිමය ගැටලු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති මිල්ලනිය අයෝජන ප්‍රවර්ධන කලාපයට අදාළව පැල්පොල අන්තර් හුවමාරුව හා මිල්ලනිය පැල්පොල මාර්ග සංවර්ධන සැලසුම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉල්ලීම් මත දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇත.
(v) මෙම යෝජිත මිල්ලනිය ආයෝජන ප්‍රවර්ධන කලාපය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව සඳහා තීරණයක් ලැබුණු පසු මේ පිළිබඳව තීරණයක් ලබා දෙනු ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks