බලන්න

04

E   |     |  

 දිනය: 2025-07-25   පිළිතුර ලබා දී ඇත 

0217/2025: සේවක අර්ථසාධක අරමුදල: 2015 සිට කොටස් වෙළෙඳපොළෙහි ආයෝජන

----

අසන ලද දිනය

2025-07-25

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රුපියල් බිලියන 11.3යි.

              (ii)      එම මුදල් ආයෝජනය කළ සමාගම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සමාගම්වල නම් කියවාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලායි මා හිතන්නේ. ඒ සමාගම් කිහිපයක කොටස් විකුණලා තිබෙනවා. උදාහරණක් විධියට මම සමාගම් එකක, දෙකක විතර නම් කියන්නම්. ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී, ජෝන්                 කීල්ස් හෝල්ඩින්ස් පී.එල්.සී. ආදි වශයෙන් ලැයිස්තුගතව සමාගම්වල නම් තිබෙනවා.

(iii) මේ පිළිතුර සම්බන්ධවත් ලැයිස්තුවක් තිබෙන්නේ. අවශ්‍ය නම් මම ඒක කියවන්නම්. නමුත්, ඒකට යම් කාලයක් යනවා.

(අ)            (i)      රු.11,313,183,637/= (2025.06.30 දින දක්වා)

 

අ.    සලකා බලන කාල පරිච්ඡේදය තුළ, එනම් 2015 සිට මේ දක්වා මිලදී ගත් කොටස්වලට අමතරව ඊට පෙර මිලදී ගත් කොටස්ද මෙයට ඇතුළත් විය හැකිය.

ආ.   ඉහත දක්වා ඇති එක් එක් සමාගමේ 30.06.2025 දිනට සේවක අර්ථසාධක අරමුදල සතු කොටස්වල එදිනට පැවැති වෙළෙඳ පොළ මිල සහ බරිත සාමාන්‍ය ගැනුම් පිරිවැය අතර වෙනස වේ.

ඇ. සලකා බලන කාල පරිච්ඡේදය තුළ විකුණන ලද කොටස්වල විකුණුම් මිල සහ බරිත සාමාන්‍ය ගැනුම් පිරිවැය (විකුණුම් දිනයේදී) අතර වෙනස වේ.

ඈ. ලාභාංශ ගෙවීමේ දිනයේදී සේවක අර්ථසාධක අරමුදල සතු මුළු ආයෝජන සඳහා අදාළ වන ලාභාංශ ලැබීම් මෙයට ඇතුළත් වේ. (මුදල් ලාභාංශ පමණි)

2015 සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ, එකම සමාගමේ කොටස් මිලදී ගැනීම් සහ විකිණීමේ ගනුදෙනු ගණනාවක් සිදු කර ඇත. මෙම ගනුදෙනු වාර්තා කිරීමේදී බරිත සාමාන්‍ය ගැනුම් පිරිවැය තීරණය කිරීම සඳහා එක් එක් මිලදී ගැනීම්වලට අදාළ පිරිවැය එම කොටස්වල පෙර මිලදී ගැනුම්වල සමුච්චිත පිරිවැයට එකතු කරනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, යම් දිනකට පවතින ආයෝජනයෙන් නිශ්චිත කොටස් ප්‍රමාණයක් විකිණීමේදී සලකා බලන කාල පරිච්‍ඡේදය තුළ, එනම් 2015 සිට මේ දක්වා සහ ඊට පෙර මිලදී ගත් කොටස් වෙන්කර හඳුනා ගත නොහැකිය. ඒ අනුව, උපලබ්ධි ‍වූ සහ උපලබ්ධි නොවූ ලාභ / අලාභ බරිත සාමාන්‍ය ගැනුම් පිරිවැය මත පදනම්ව ගණනය කෙරේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-07-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks