පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
210/2024
ගරු රෝහණ බංඩාර මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ස්ථානවල නම් කවරේද;
(iii) එම ස්ථානවල ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වස්තූන් ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-12
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 5,085කි.
(ii) එම ස්ථානවල නාම ලේඛනය ඇමුණුම** මඟින් ඉදිරිපත් කර ඇත.
(iii) 1. පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීම - 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත ප්‍රකාරව පුරාවිද්‍යා තහනම් ඉඩම් (වෙන් කළ පුරාවිද්‍යා ප්‍රදේශ) ප්‍රකාශයට පත් කිරීම හා පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ප්‍රකාශයට පත් කිරීම. මෙසේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කරනුයේ එහි පැවැත්මට තර්ජනයක් එල්ල විය හැකි හෝ පෞද්ගලික සන්තකයේ ඇති ස්ථාන සඳහා වන අතර, මෙසේ ප්‍රකාශයට පත් කිරීම සඳහා තෝරාගත් නිර්ණායක 05ක් ඔස්සේ සුදුසු ස්මාරක පමණක් ප්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම නිර්ණායක වන්නේ නිර්මල බව, දුර්ලභ බව, සෞන්දර්යාත්මක අගය, ඓතිහාසික අගය හා පර්යේෂණ ශක්‍යතාවයි.
2. පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක හඳුනා ගැනීම, කැණීම් හා සංරක්ෂණ කටයුතු සිදු කිරීම, පුරාවිද්‍යා ගවේෂණ මඟින් හඳුනා ගනු ලබන පුරාස්ථාන කැණීම් මඟින් මතු කර ගැනීම හා ඒවාට සිදු වී ඇති හායනකාරක හඳුනා ගැනීම, ස්වාභාවික හා මානව බලපෑම් මඟින් සිදු වී ඇති හානි හඳුනා ගැනීම හා වර්තමාන අනුවර්තිත තත්ත්වය අනුව සුදුසුම සංරක්ෂණ ක්‍රමවේදය ආදේශ කොට ස්මාරක යථාවත් කිරීම.
3. පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමේ ක්‍රියා දාමයට අමතරව එම ස්ථාන නඩත්තු කිරීම හා පවත්වාගෙන යෑම. මේ සඳහා ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය මඟින් පත්වාගෙන යනු ලබන නඩත්තු කලාප හරහා මෙම ස්ථාන පවත්වාගෙන යෑම.
4. සමස්ත පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා මහ ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා කටයුතු කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks