E   |     |  

 දිනය: 2026-04-21   පිළිතුර ලබා දී ඇත 

0209/2026: “බෝයර්” එළුවන් බෝ කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතිය: විස්තර

.

අසන ලද දිනය

2026-04-21

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2017.10.08 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත 2019.04.04 දින එළුවන් ආනයනය කර මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

              (ii)     

ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල (2019-2025)

වර්ෂය

වියදම (රු.)

 

2019

48,453,413.90

 

2020

3,718,697.75

 

2021

9,982,712.20

 

2022

4,924,090.01

 

2023

4,636,533.65

 

2024

2,838,926.52

 

2025

1,669,299.47

 

එකතුව

76,223,673.50

 

 

 

 

 

 

 

 

(iii) අභිජනනය කළ එළුවන් පිළිබඳ තොරතුරු

විස්තරය  

වර්ෂය

2020

2021

2022

ඉලක්කගත උපත් ප්‍රමාණය

120

100

80

සත්‍ය උපත් ප්‍රමාණය

163

75

57

 

(iv) එක් එළුවෙකු වෙනුවෙන් වැය කළ මුදල ආසන්න වශයෙන් රුපියල් 376,414.00කි.

(v) මෙම එළුවන්ට CAE - Caprine Arthritis Encephalitis - රෝගය වැළඳී ඇති බව රසායනාගාර පරීක්ෂාවන්ගෙන් තහවුරු වූ බැවින් නීරෝගී එළු ගහනයට CAE රෝගය ප්‍රචාරණය වීම වළක්වා ගැනීම සඳහා විශේෂඥ කමිටු නිර්දේශය අනුව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග ප්‍රකාරව ඉඹුලන්දණ්ඩ ගොවිපළේ සිටින සියලුම බෝයර් වර්ගයට අයත් එළුවන් සම්මත ක්‍රමවේදයක් යටතේ 2025.09.09 දින ඝාතනය කර බැහැර කරන ලදී.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-06-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks