E   |     |  

 දිනය: 2025-11-04   පිළිතුර ලබා දී ඇත 

0206/2025: 2015 සිට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවා නියුක්තිය: විස්තර

206/2024

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— (2)

(අ)        (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තිය ප්‍රතිශතයක් ලෙස එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම කාල සීමාව තුළ කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තිය පහළ ගොස් තිබේ නම්, ඊට හේතු කවරේද;

(iii) කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත තරුණයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩසටහනක් සකස් කර තිබේද;

(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් විස්තර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-04

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)

වර්ෂය

සේවා නියුක්ති ප්‍රතිශතය (%)

2015

28.7

2016

27.1

2017

26.1

2018

25.5

2019

25.3

2020

27.1

2021

27.3

2022

26.5

2023

26.1

2024

26.0

 

 

 

 

 

 

 

 

 

 

(ii) 2015 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන අංශයන්හි සේවා නියුක්තිකයන්ගේ සංයුතියෙහි වෙනස්වීම ප්‍රතිශතයන් ලෙස පහත වගුවෙහි දක්වා ඇත.

 

වර්ෂය

කෘෂිකාර්මික

කාර්මික

සේවා

2015

28.7

25.8

45.5

2016

27.1

26.4

46.5

2017

26.1

28.4

45.5

2018

25.5

27.9

46.6

2019

25.3

27.6

47.1

2020

27.1

26.9

46.0

2021

27.3

26.0

46.7

2022

26.5

26.5

47.0

2023

26.1

25.5

48.4

2024

26.0

25.6

48.5

 

 

 

 

 

 

 

 

සේවා අංශයේ සේවා නියුක්තිකයන්ගේ වැඩිවීම කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රතිශතය සුළු වශයෙන් පහළ යාමට හේතුවක් වේ.

කාර්මික හා සේවා අංශයන්හි රැකියා අවස්ථා පුළුල්වීමත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ තරුණ පරපුර වෘත්තීය රැකියාවලට නැඹුරුවීම හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුළු පසුබෑමක් නිරීක්ෂණය වේ. කෘෂිකාර්මික අංශයේ රැකියාවල පවතින අස්ථාවර බවද මෙයට හේතුවක්ව ඇත.

  (iii) ඔව්.

(iv) "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් හා අනුගතව කටයුතු කිරීම වෙනුවෙන් රට තුළ කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත තරුණයන් ආකර්ෂණය කර ගනිමින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා එළැ‍ඹෙන 2025/26 මහ කන්නයේ සිට "පුනරුදයට

අරුණළු" ජාතික ආහාර භෝග ප්‍රවර්ධන වැඩසටහන යටතේ පහත යෝජිත විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

• රට තුළ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා "නිෂ්පාදන යාය" ජාතික වැඩසටහන

• රට තුළ බීජ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා බීජ නිෂ්පාදන ප්‍රවර්ධන ජාතික වැඩසටහන

• අතිරික්ත නිෂ්පාදනයක් සහිත ආහාර භෝග සඳහා අගය එකතු කිරීමේ සහ අපනයනය ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන.

• කෘෂි යාන්ත්‍රීකරණ ජාතික වැඩසටහන.

• ඒකාබද්ධ පාංශු පෝෂක කළමනාකරණ ජාතික වැඩසටහන.

• ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව සහ නව කෘෂිකාර්මික පද්ධති ප්‍රවර්ධන ජාතික වැඩසටහන

• බඩ ඉරිඟු, මුං, කවුපි, රටකජු, අර්තාපල්, ලොකුලූනු, රතුලූනු, උඳු, කුරක්කන්, මිරිස් සහ සෝයා බෝංචි ආදී මූලික අවධානය යොමු වී ඇති අතිරේක ආහාර භෝග වෙනුවෙන් ජාතික නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

• කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් හා ආහාර භෝග නිෂ්පාදන ප්‍රවර්ධන කාර්යයන්හිදී ස්වේච්ඡා ව්‍යාප්තිකාරකයන්  ලෙස සේවය ලබා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් සුදුසු ප්‍රමුඛ ගොවීන් හඳුනා ගැනීම සහ සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන.

තවද, කෘෂිකර්මාන්තය පදනම් කරගත් ව්‍යාපාර ආරම්භ කිරීමට මුලපුරන සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයන් සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් "කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම" 2026 ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඒ සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කර ඇත.

මීට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ද  තරුණයන් ආකර්ෂණය කර ගැනීම සඳහා පහත වැඩසටහන් ක්‍රියාත්මක වේ.

• ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

• ලංකාව පුරා දැනට පිහිටුවා ඇති ලියාපදිංචි තරුණ ගොවි සමාජ 612ක් හා පාසල් තරුණ ගොවි සමාජ 24ක් මඟින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

• ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම (ප්‍රදර්ශන හා අළෙවිපොළ සම්බන්ධ කිරීම)

• කෘෂි තාක්ෂණය හඳුන්වා දීම සඳහා පාසල් කෘෂි සමාජ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

• තරුණ ගොවි සමාජ සාමාජිකයන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

i. ගොවිපළ යන්ත්‍රෝපකරණ පුහුණු

ii. මී මැසි පාලන වැඩසටහන්

iii. බිම්මල් පුහුණු වැඩසටහන්

iv. භෝග වගා තාක්ෂණ පුහුණු වැඩසටහන්

v. ආහාර තාක්ෂණය හා අගය එකතු කළ නිෂ්පාදන වැඩසටහන

vi. අදාළ ආයතනය සම්බන්ධීකරණය කරමින් පුහුණු වැඩසටහන්

උදා: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

• අභිප්‍රේරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

උදා: කෘෂිකර්මය, සන්නිවේදනය හා නායකත්වයට අදාළ පුහුණු.

• නවීන තාක්ෂණය හා යාන්ත්‍රීකරණය පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

• සුහුරු කෘෂිකර්මය පිළිබඳ තරුණයන් දැනුවත් කිරීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-02-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks