පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
204/2024
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඊශ්‍රායලය සඳහා ගුවන් ගමන් ගාස්තු අඩු කරන ලද දිනය කවරේද;
(ii) අඩු කරන ලද ගාස්තු ප්‍රමාණය කොපමණද;
(iii) මේ වනවිට ඊශ්‍රායලයේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඉහත සඳහන් ගුවන් ගමන් ගාස්තු අඩු කිරීමේදී විශාල වංචාවක් සිදුවී ඇති බව දන්නේද;
(v) ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-25
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024 ඔක්තෝබර් 09 දිනට පෙර ගුවන් ටිකට් පත් ගාස්තු සඳහා මිල ගණන් කැඳවීම් සිදු කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගමේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් පමණකි.
කෙසේ වෙතත්, නව රජය පත්වීමත් සමඟ එම සැපයුම්කරුවන්ට අමතරව සිවිල් ගුවන්සේවා අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් සහ දුරකථන නාමාවලියෙහි සඳහන් සිවිල් ගුවන්සේවා අධිකාරියේ ලියාපදිංචි නියෝජිත ආයතනවලින්ද මිල ගණන් කැඳවීම් සිදු කරන ලදී. ඒ අනුව, ගුවන් ටිකට් පත් සඳහා අය කරන ලද පෙර පැවැති මිල ගණන්වලට වඩා අඩු මිලක් යටතේ ගුවන් ටිකට් පත් ලබා දිය හැකි විය.
(ii) එවකට පැවැති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගමෙහි කළමනාකාරිත්වය විසින් නිශ්චිත ගාස්තුවක් ලෙස රුපියල් 295,000ක මුදලක් විගමණික ශ්‍රමිකයන්ගෙන් අය කරගෙන තිබුණි.
කෙසේ වුවද, 2024 නොවැම්බර් සිට 2025 මාර්තු දක්වා කාල පරාසය තුළ ගුවන් ටිකට් පතේ මිල රුපියල් 131,040 සිට රුපියල් 290,384 දක්වා අතර පරාසයේ පැවතිණි.
එබැවින්, උක්ත මුදල අය කරගෙන තිබූ නමුත්, රැකියා සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි තැනැත්තන් සඳහා සත්‍ය වශයෙන්ම අය කරගත් මුදලින් ඉතිරි වූ මුදල එම තැනැත්තන් වෙත ආපසු ගෙවන ලදී.
ඒ අනුව, මේ වනවිට රුපියල් 7,723,505ක මුදලක් ආපසු ලබා දී ඇති අතර, රුපියල් 10,480,252ක මුදලක් ආපසු ගෙවීමට කටයුතු කරමින් පවතී.
මින් පසුව මෙම ගුවන් ටිකට් පත් සඳහා ඒ ඒ දිනයන්වලට අදාළ ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම අනුව ගුවන් ටිකට් පත්වල මිල ගණන් තීරණය වීමක් සිදුවනු ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් මිල ගණන් කැඳවීම් සිදු කරනු ලබන අතර, ඒ අනුව ඉදිරිපත් වන මිල ගණන් පදනම් කරගෙන විගමණික ශ්‍රමිකයන්ගෙන් ගුවන් ටිකට් පත් ගාස්තු අයකර ගැනීමට කටයුතු කරනු ඇත.
(iii) 2025.10.27 දිනට ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රමිකයින් සංඛ්‍යාව.
|
ක්ෂේත්‍රය |
විදේශගතවීම් සංඛ්‍යාව |
|
ඉදිකිරීම් ක්ෂේත්‍රය |
11,819 |
|
හෝටල් ආශ්‍රිත රැකියා ක්ෂේත්‍රය |
1,164 |
|
ඉකිදිරීම් සහ අලුත්වැඩියා කිරීමේ ක්ෂේත්‍රය |
795 |
|
ආපනශාලා රැකියා |
869 |
|
සාත්තු සේවය |
6,637 |
|
යටිතල පහසුකම් ක්ෂේත්‍රය |
238 |
|
කෘෂිකර්මාන්තය |
2,819 |
|
නිෂ්පාදන |
09 |
|
වෙළෙඳ හා සේවා |
01 |
|
අනීතිකව |
3,300 |
|
මුළු ගණන |
27,651 |
(iv) එවැනි වංචාවක් සිදු වී ඇත්දැයි හෙළිකර ගැනීම සඳහා මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කරමින් පවතී.
එසේම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අභ්‍යන්තර විගණන අංශය විසින්ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලබයි.
(v) ඒ සම්බන්ධයෙන් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගොනු අංක ඒසී/1097/2024 (D) - බී 203 යටතේ සිදු කරන විමර්ශනයෙන් හා අභ්‍යන්තර විගණන විමර්ශනයෙන් අනාවරණය වන කරුණු මත ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks