පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-20
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2021.07.09.
(ii)
|
නම |
තනතුර |
ලිපිනය |
|
|
තරින්ද්‍ර දර්ශන කල්පගේ |
එපික් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි |
නො. 10/10, විධ්‍යාකර මාවත, මහරගම |
2021.08.09වන දින අත්අඩංගුවට ගන්නා ලදී |
|
රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලූප රාමනායක |
එපික් ආයතනයේ පාරිභෝගික සේවා සහායක ඉංජිනේරු |
අංක 207/5/2, පෙරකදෝරු වත්ත, වත්තවල්පිට, හීරළුගෙදර |
2021.09.28වන දින අත්අඩංගුවට ගන්නා ලදී |
(iii) නැත. එහෙත්, එය සිදුවීමට හැකියාවක් ඇත.
(iv) ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2021.07.22 වන දින කරන ලද පැමිණිල්ල හේතු කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය විසින් මෙහෙය වන ලද නඩුවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ 54645/01/21 යන නඩු අංකය යටතේ මේ වන විටත් විභාග වෙමින් පවතී.
දෙවන සැකකරු ලෙස අත්අඩංගුවට ගත් එපික් ලංකා ආයතනයේ පාරිභෝගික සේවා සහායක ඉංජිනේරු රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලූප රාමනායක යන අය විසින් ඔහුගේ අත් අකුරින් ස්වාධීන ප්‍රකාශයක් ලබා දෙමින් මෙකී දත්ත මැකීම තමන්ගේ ක්‍රියාකාරකමක් හේතුවෙන් සිදු වූ බවට ලිඛිතව සඳහන් කර ඇති බවත්, එකී ලිඛිත සටහනේ මුල් පිටපත විමර්ශනය සඳහා ලබා දෙන බවත්, එම ආයතනයේ මානව සම්පත් අංශයේ ප්‍රධානී විසින් ඔහුගෙන් කරුණු විමසූ අවස්ථාවේදී මෙලෙස පිළිතුරු ලබා දුන් බව මානව සම්පත් අංශයේ ප්‍රධානීගෙන් ලබා ගත් ප්‍රකාශයේ සටහන් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය විසින් 2021.09.29 වන දින වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එමෙන්ම එපික් ලංකා ආයතනයේ තාක්ෂණික සහායක කණ්ඩායම භාර ප්‍රධාන ඉංජිනේරුවරයා හා තාක්ෂණික සහායක යන අයගෙන් ලබාගත් ප්‍රකාශයන්හිද මේ සම්බන්ධව ප්‍රකාශ ලබා දී ඇති බව වාර්තාව අධ්‍යයනය කිරීමේදී පෙනී යයි.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙතින් විමර්ශන සඳහා භාරයට ගන්නා ලද ඩිජිටල් උපාංග වෝහාරික විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණ නියෝග ප්‍රකාරව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය වෙත යොමු කර ඇත. තවද e-NMRA දත්ත පද්ධතිය මඟින් ලබාගත් දත්ත පිටපත් -snapshots- මොරටුව විශ්වවිද්‍යාලයේ වෝහාරික විද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්යවරුන් වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට ද කටයුතු කර ඇත. මෙතෙක් අදාළ විශ්ලේෂණ වාර්තාවන් ලැබී නොමැති බැවින් මෙම විමර්ශනයට අදාළ විමර්ශන කටයුතු සහ විශ්ලේෂණ කටයුතු මෙතෙක් අවසන් වී නොමැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks