පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
199/2024
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මන්නාරම් ද්‍රෝණිය අවට ගෑස් සහ තෙල් නිධි ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර ලබා දී ඇති සමාගම්වල නම් කවරේද;
(ii) එම බලපත්‍ර ලබා දීමේදී පනවා ඇති කොන්දේසි කවරේද;
(iii) එම ගවේෂණවල වර්තමාන ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-25
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවට අයත් මන්නාරම් ද්‍රෝණිය කලාපය තුළ ගෑස් සහ තෙල් නිධි ගවේෂණය කිරීම සඳහා වර්තමානය වන විට සක්‍රිය තත්ත්වයේ ගවේෂණ හෝ සංවර්ධන බලපත්‍ර කිසිවක් නොමැත. 2008 වසරේදී කෙයාන් ලංකා (පුද්ගලික) සමාගමට ගවේෂණ බලපත්‍රයක් ලබා දී තිබූ අතර එහිද වලංගු කාලය දැනටමත් අවසන් වී ඇත.
(ii) මේ වන විට ගවේෂණ බලපත්‍ර ක්‍රියාත්මක නොවන බැවින් අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks