පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා මෙරටට කුකුල් මස් ආනයනය කර තිබේද;
(ii) එසේ නම්, එම කාලය තුළ ආනයනය කළ කුකුල් මස් ප්‍රමාණය සහ ඒ සඳහා වැය කළ මුදල් ප්‍රමාණය වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වෙළඳපොළ තුළ කුකුල් මස් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-21
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii)
|
ආනයනය කළ කුකුළු මස් පිළිබඳ තොරතුරු (2015 - 2025 දක්වා) |
||
|
වර්ෂය |
ප්‍රමාණය (මෙට්‍රික්ටොන්) |
වැය කළ මුදල (රුපියල් මිලියන) |
|
2015 |
511.7 |
105.3 |
|
2016 |
190.5 |
75.8 |
|
2017 |
202.9 |
94.7 |
|
2018 |
198.1 |
68.8 |
|
2019 |
140.0 |
40.7 |
|
2020 |
88.0 |
23.7 |
|
2021 |
21.6 |
9.7 |
|
2022 |
124.0 |
119.5 |
|
2023 |
26.0 |
22.9 |
|
2024 |
58.2 |
50.4 |
|
2025 |
122.4 |
105.2 |
(iii) කුකුළු මස්වල වෙළෙඳ පොළ මිල ඉල්ලුම සහ සැපයුම අනුව උච්චාවචනය වේ. එබැවින්, සෑම වසරකම අවසන් කාර්තුව තුළ ඉදිරි වසරේදී ආනයනය කිරීමට අපේක්ෂිත මව් සතුන් සංඛ්‍යාව හා සැලසුම්, අභිජනන ගොවිපළවල් මඟින් ගෙන්වාගෙන, ඒ අනුව ඉදිරි වසර සඳහා නිෂ්පාදන පුරෝකථනයන් සිදු කර ඉල්ලුමට සරිලන සැපයුමක් පවත්වා ගැනීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරයක් ලෙස සිදු කරනු ලබයි.
එමෙන්ම, ඉහත කුකුළු මස් හා බිත්තර සැපයුමට අවශ්‍ය කුකුළු ආහාර ප්‍රමාණය ඇස්තමේන්තු කර කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය නියමිත ප්‍රමිතිගත සත්ත්ව ආහාර අමු ද්‍රව්‍ය ආනයන පහසුකරණය ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබයි. මේ යටතේ ආනයන සීමා පනවා ඇති බඩඉරිඟු වැනි සත්ත්ව ආහාර අමු ද්‍රව්‍ය අවශ්‍යතාව ගණනය කර එය දේශීය නිෂ්පාදනය සමඟ සසඳා බලා ආනයනය කිරීමට අවශ්‍ය නියාමනයන් සිදු කෙරේ.
බීජ රක්කනාගාර හා අභිජනන ගොවිපළවල බෝවන රෝග පැතිරීම වැළැක්වීමත් සහ ජෛව ආරක්ෂණ විධිවිධාන නිසි ලෙස පවත්වාගෙන යනු ලබන බවට තහවුරු කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් මඟින් එම පරිශ්‍ර ආවේක්ෂණය කිරීමත් සිදු කරනු ලබයි. එමෙන්ම, බ්‍රොයිලර් මස් සැකසුම් කර්මාන්තශාලා ද නිරන්තරයෙන් ආවේක්ෂණය කරනු ලබයි.
ක්ෂේත්‍ර සමීක්ෂණ මඟින් ගොවිපළ ගැටලු හඳුනා ගැනීම සිදු කරනු ලබන අතර සමීක්ෂණ ප්‍රතිඵල අනුව නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම, නිෂ්පාදන මිල පහළට ගෙන ඒම සහ රෝග පැතිරීම අවම කිරීම ආදී කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම සිදු කරයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks