පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා මෙරටට බිත්තර ආනයනය කර තිබේද;
(ii) එසේ නම්, එම කාලය තුළ ආනයනය කළ බිත්තර ප්‍රමාණය සහ ඒ සඳහා වැය කළ මුදල් ප්‍රමාණය වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) බිත්තර මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-06-26
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. 2023 සහ 2024 වර්ෂයන්හිදී මෙරටට බිත්තර ආනයනය කර ඇත.
(ii)
|
ආනයනය කළ බිත්තර පිළිබඳ තොරතුරු (2015- 2026 අප්‍රේල් දක්වා) |
||
|
වර්ෂය |
බිත්තර ප්‍රමාණය (මිලියන) |
වැය කළ මුදල (රුපියල් මිලියන) |
|
2015 |
- |
- |
|
2016 |
- |
- |
|
2017 |
- |
- |
|
2018 |
- |
- |
|
2019 |
- |
- |
|
2020 |
- |
- |
|
2021 |
- |
- |
|
2022 |
- |
- |
|
2023 |
168.53 |
5,376.25 |
|
2024 |
56.2 |
1,602.63 |
|
2025 |
- |
- |
|
2026 (අප්‍රේල් දක්වා) |
- |
- |
(iii) ඉල්ලුම සහ සැපයුම අනුව වෙළඳපොළ බිත්තර මිල උච්චාවචනය වේ. එබැවින්, ඉල්ලුමට සරිලන සැපයුමක් දේශීය නිෂ්පාදනය තුළින් සැපයීම සඳහා නිෂ්පාදනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය මව් සතුන් හා අත්‍යවශ්‍ය සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය ආදී කටයුතු පහසුකරණය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ කාර්යභාරයක් ලෙස සිදුකරනු ලබයි. ඒ අනුව බිත්තර නිෂ්පාදනය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පහත පරිදි වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks