පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
190/2024
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදුලි ගාස්තු සංශෝධනය කරන බව රජය විසින් විවිධ අවස්ථාවලදී ප්‍රකාශයට පත් කර තිබෙන බව දන්නේද;
(ii) අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනය කරන ලද දිනය කවරේද;
(iii) ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනය කරන්නේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;
(iv) විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ කාලයක් ගනු ලබන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් කරනු ලබන ප්‍රකාශය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
(v) විදුලි ගාස්තු තවදුරටත් සංශෝධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-14
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ වන අමාත්‍ය මණ්ඩල තීරණ පහත දක්වා ඇත.
රජය විසින් විදුලි කර්මාන්තය සඳහා වූ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශවල සඳහන් විදුලි අයක්‍රම වගන්ති පහත පරිදි කැබිනට් සන්දේශ මඟින් සංශෝධනය කර ඇත.
· 2023.01.02 දිනැති කැබිනට් පත්‍රිකා අංක 23/0010/621/002 යටතේ ගරු මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිතුමා සහ ගරු විදුලි හා බලශක්ති ඇමතිතුමාගේ ඒකාබද්ධ සන්දේශය - සෑම මාස 6කට වරක් විදුලි ගාස්තු සංශෝධනය.
· 2023.10.28 දිනැති කැබිනට් පත්‍රිකා අංක 23/2066/621/092 යටතේ ගරු මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමතිතුමා සහ ගරු විදුලි හා බලශක්ති ඇමතිතුමාගේ ඒකාබද්ධ සන්දේශය - සෑම මාස 3කට වරක් විදුලි ගාස්තු සංශෝධනය.
· 2024.12.05 දිනැති කැබිනට් පත්‍රිකා අංක 24/2155/825/011 යටතේ ගරු බලශක්ති අමාත්‍යතුමාගේ සන්දේශය සඳහා ගරු මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගේ නිරීක්ෂණ. (2024.12.18 දිනැති ලිපි අංක MF/PE/CM/2024/195) - සෑම මාස 3කට වරක් විදුලි ගාස්තු සංශෝධනය ස්ථිර කර ඇත.
(ii) 2025 ජනවාරි 18.
(iii) විදුලි කර්මාන්තය සඳහා වූ වර්තමාන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ යටතේ සෑම මාස 3කට වරක් විදුලි ගාස්තුව සංශෝධනය කළ යුතුය. ඒ අනුව, ඉදිරි කාර්තුව සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මඟින් අනුමත කරන ලද විදුලි අයක්‍රම ක්‍රමයට - tariff methodology - අනුව විදුලි අයක්‍රම සංශෝධන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.
(iv) විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් සකස් කිරීම සඳහා ප්‍රායෝගිකව යම් කාලයක් අවශ්‍ය වේ. 2025.01.18 දින සිට ක්‍රියාත්මක වන, 2025 ජනවාරි විදුලි ගාස්තු සංශෝධනය, බිල්පත් පද්ධතිය තුළ සම්පූර්ණයෙන් පිළිබිඹුවීමට ආසන්න වශයෙන් මාස එකහමාරක් පමණ අවශ්‍ය වේ. එතෙක්, පාරිභෝගික බිල්පත්වල ගාස්තු අනුපාත දෙකක මිශ්‍රණයක් අඩංගු වේ. සම්පූර්ණයෙන්ම නව සංශෝධිත ගාස්තු ඇතුළත් බිල්පත පාරිභෝගිකයාට ලැබෙන්නේ පෙබරවාරි මස මැද භාගයේ සිටය. නමුත්, අයක්‍රම සංශෝධනය සඳහා සලකනු ලබන්නේ කැලැන්ඩර් මාස වන බැවින් සම්පූර්ණයෙන්ම නව සංශෝධිත ගාස්තු ඇතුළත් කැලැන්ඩර් මාසය වන්නේ මාර්තු මාසයයි. එම නිසා මාර්තු මාසය අවසන් වී අප්‍රේල් මැද භාගය වන විට මෙම විදුලි අයක්‍රම සංශෝධනයේ මුළු බලපෑම පිළිබඳ පුළුල් තක්සේරුවක් කළ හැක. ලංකා විදුලිබල මණ්ඩලය එසේ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව 2025 සඳහා වූ දෙවන විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(v) වත්මන් විදුලි ගාස්තුවෙන් ලැබෙන ආදායම ඉන්ධන ලබා ගැනීමේ හැකියාව හා ඒවායේ මිල ගණන්, විදුලි ජනනය කරන බලාගාර ආශ්‍රිත ජලාශවලට ලැබෙන වර්ෂාපතනය හා ජල ධාරිතාව පිළිබඳ පුරෝකථන, බලාගාරවල නඩත්තු කිරීම් හා එකතු කිරීම්, පොලී අනුපාත, ප්‍රක්ෂේපිත ආර්ථික ප්‍රකෘතිය, අපේක්ෂිත බලශක්ති ඉල්ලුම, අනුමත ආදායම සඳහා ගැළපීම හා රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ වැනි සාධක මත පදනම ඒවාට අදාළ ඇස්තමේන්තු ඇතුළත් කරමින්, 2025 සඳහා වූ දෙවන විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකසමින් පවතියි.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2025-03-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks