01

E   |     |  

 දිනය: 2013-12-05   පිළිතුර ලබා දී ඇත 

2653/2013: කාන්තාවන් සඳහා වූ විශේෂ කාර්යාලයීය බස් රථ සේවාවක් : විස්තර

2653/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි කාන්තාවන් සඳහා වූ විශේෂ කාර්යාලයීය බස් රථ සේවාවක් ආරම්භ කර තිබේද;

            (ii)      එවැනි බස් රථ සේවාවක්  ආරම්භ කර තිබේ නම්, ඊට අදාළ විස්තර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?‍

 

අසන ලද දිනය

2013-12-05

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       2012 පෙබරවාරි මාසයේදී ආරම්භ කර සාර්ථක ලෙස පහත ඩිපෝවලින් ධාවනය වේ.

                         කොළඹ - කැස්බෑව - හෝමාගම ඩිපෝව

                         කොළඹ -මොරටුව -  මොරටුව ඩිපෝව

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2013-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks