පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
187/2024
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ සත්ත්ව ගොවිපළවල ඇති කරනු ලබන ඌරන් අතර පැතිර යන වසංගත රෝගයක් හේතුවෙන් ඌරන් මිය යමින් සිටින බවත්;
(ii) මේ හේතුවෙන් සුළු පරිමාණ මෙන්ම මහා පරිමාණ සත්ත්ව ගොවිපළවල් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වී ඇති බවත්;
(iii) එම රෝගය සඳහා නිශ්චිත එන්නතක් හෝ ඖෂධයක් නොමැති වීම හේතුවෙන් සතුන් මියයාමෙන් සත්ත්ව ගොවිපළ හිමිකරුවන්ට විශාල වශයෙන් පාඩු සිදු වී ඇති බවත්;
(iv) සිදු වී ඇති අලාභ/හානි වෙනුවෙන් ඔවුන්ට කිසිදු වන්දි මුදලක් හෝ සහනාධාරයක් නොගෙවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් රෝගය හේතුවෙන් මියයන සතුන් වෙනුවෙන් කිසියම් වන්දියක්/සහනාධාරයක් ලබා දීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම වන්දි/සහනාධාර ලබා දෙන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-07
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii), (iii), (iv) ඔව්.
(ආ)\ (i) අප්‍රිකානු සූකර උණ රෝගය හේතුවෙන් සතුන් මිය යෑම නිසා සූකර ගොවිපළ විශාල ප්‍රමාණයක් බලපෑමට ලක් වී ඇත. ගරු කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සහ අමාත්‍යාංශ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් බලපෑමට ලක් වී ඇති සූකර නිෂ්පාදකයින් සහ සූකර නිෂ්පාදකයින්ගේ සංගම් සමඟ සාකච්ඡා කිහිපයක් මේ වන විට පවත්වා ඇත. ඒ අනුව මෙම මිය ගිය සතුන් වෙනුවෙන් කිසියම් වන්දි මුදලක් හෝ වෙනත් සුදුසු සහනාධාරයක් ලබා දීමට ඇති හැකියාව සහ ක්‍රමවේදයන් පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතී. ඉන් අනතුරුව මේ පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
දැනට මෙම කර්මාන්තයේ යෙදෙන්නන්ගේ ප්‍රධානතම ගැටලුව වනුයේ ඔවුන් විසින් ලබා ගත් ණය ගෙවා ගැනීමට නොහැකිවීමයි. වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට නිකුත් කර ඇති 2024 අංක 04 දරන චක්‍රලේඛයේ විධිවිධාන අනුව මෑත කාලීනව පැවති සුවිශේෂී ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා ණය සහන සැලසීමට පියවර ගෙන ඇත. ඒ අනුව අප්‍රිකානු සූකර උණ රෝගය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති උක්ත චක්‍රලේඛයේ නිර්ණායක සපුරාලන කුඩා හා මධ්‍ය පරිමාණ සූකර නිෂ්පාදකයින්ට තම ව්‍යාපාර කටයුතු සඳහා බලපත්‍රලාභී බැංකු මඟින් මේ වන විට ලබා ගෙන ඇති ණය පහසුකම් සඳහා මෙම ණය සහන ලබා ගැනීමේ හැකියාව පවතී.
(ii) අදාළ ප්‍රතිපත්තිමය තීරණය ලබා ගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව දැනුම් දීමට කටයුතු කෙරේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks