පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-25
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
මෙම අම්බිලාන්තුරෙයි සිට කොක්කඩිචෝලෙයි දක්වා වූ මාර්ගය නැඟෙනහිර පළාත්බද මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මයිලඩිතිව් සිට අම්බිලාන්තුරෙයි දක්වා වූ මාර්ගයේ මධ්‍ය කොටසකි.
මයිලඩිතිව් සිට අම්බිලාන්තුරෙයි දක්වා දිවෙන කිලෝමීටර 7.75ක පමණ දිගින් යුතු මාර්ගය, ලෝක බැංකු ණය ආධාර ලබා දෙන ICDP යටතේ මේ වනවිට ප්‍රතිසංස්කරණය කරමින් පවතී.
(ii) දැනටමත් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇත. මාර්ගයේ දිග කිලෝමීටර 7.75යි.
ආරම්භක දිනය, 2024.08.27. අවසන් කිරීමට බලාපොරොත්තු වන දිනය, 2025.09.02.
(iii) මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් පවතින බැවින්, ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසුව පාසල් සිසුන්, රජයේ සේවකයන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාවට මෙහි ප්‍රතිලාභ අත්කර ගත හැකිය. මෙම මාර්ගයේ කිලෝමීටර 7.3ක් මේ වනවිට කාපට් අතුරා සංවර්ධනය කර ඇති අතර, ඉතුරු මාර්ග කොටසේ වැඩිදියුණු කිරීම් මේ වනවිට සිදු වෙමින් පවතී.
(ආ) මයිලඩිතිව් සිට අම්බිලාන්තුරෙයි දක්වා දිවෙන කිලෝමීටර 7.75ක පමණ දිගින් යුතු මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් පවතින අතර, දැනට -2025.06.30 වනවිට- එම ව්‍යාපෘතියෙහි ප්‍රගතිය සියයට 70ක් පමණ වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks