පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
183/2024
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනේ දකුණ එරුවිල්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයේ රජයේ ඔසුසලක් නොමැති බවත්;
(ii) මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුම්වත් කරන ලද අවස්ථාවේදී රජයේ ඔසුසලක් ස්ථාපිත කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැති බව දැන් වූ බවත්;
(iii) එහෙත්, රජයේ ඔසුසලක් ස්ථාපිත කිරීම වෙනුවෙන්ම කළුවාංචිකුඩි මූලික රෝහලේ ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, කළුවාංචිකුඩි මූලික රෝහල් පරිශ්‍රයේ ඉදිකර ඇති ගොඩනැගිල්ලේ රජයේ ඔසුසලක් ස්ථාපිත කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-22
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මඩකලපුව නගරයේ රාජ්‍ය ඔසුසල් ශාඛාවක් ඉදිරි මාස දෙක ඇතුළත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා මඩකලපුව සමුපකාර සමිතියට අයත් ගොඩනැඟිල්ලක් කඩිනමින් අලුත්වැඩියා කටයුතු කර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත ලබා දීමට නියමිතය.
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම අපේ පැත්තෙන් නොවෙයි මේ ප්‍රමාදය තිබෙන්නේ. සමුපකාර සමිති ගොඩනැඟිල්ල ලබා ගත් වහාම මේ ඔසුසල අපි ආරම්භ කරනවා.
(iii) කළුවංචිකුඩි මූලික රෝහලේ එවැනි ගොඩනැඟිල්ලක් ස්ථාපිත කර නොමැත.
(ආ) සමුපකාර සමිතියට අයත් ගොඩනැඟිල්ලේ ඉදිරි මාස දෙක ඇතුළත රාජ්‍ය ඔසුසල් ශාඛාව ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks