පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-23
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1939 අගෝස්තු 01
(ii) සභාපතිවරයා - කේ.එම්.එල් . ද සොයිසා මහතා
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් - කේ.එම්.එල්. ද සොයිසා මහතා (සභාපති)
ඒ.ජේ. ඉස්මයිල් මහතා
ජේ.සී. පැල්පොල මහතා
එම්.කේ.සී. සේනානායක මහතා
ආචාර්ය ඒ.කේ.එල්. ඉලේසිංහ මහතා
ආර්.එම්.පී. රත්නායක මහතා
මහ කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි - ඩබ්ලිව්.පී. රසල් ෆොන්සේකා මහතා
(iii) ශාඛා 658කි.
සේවකයන් 8,214කි.
(iv) රුපියල් බිලියන 25කි.
(v) ඔව්, එය ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය පිළිබඳ බාසල් - Basel - නියමයට අනුකූල වේ. Basel requirement එකට අබිබවා තිබෙනවා.
(vi) අදාළ නැත. ඒ කියන්නේ, අනුකූල වෙනවා.
(ආ) (i) පසුගිය වසර 10 සඳහා ලාභය සහ ඉදිරි වසර 3 සඳහා අපේක්ෂිත ලාභය:
|
පසුගිය වසර 10 සඳහා ලාභය |
|
|
වර්ෂය |
ලාභය (රුපියල් බිලියන) |
|
2014 |
20.3 |
|
2015 |
25.3 |
|
2016 |
31.2 |
|
2017 |
30.3 |
|
2018 |
33.4 |
|
2019 |
29.7 |
|
2020 |
23.6 |
|
2021 |
43.2 |
|
2022 |
31.0 |
|
2023 |
40.3 |
2024 අවසාන මූල්‍ය ප්‍රකාශන තවම ඉදිරිපත් කරලා නැහැ. ඒවා පිළියෙළ වෙමින් තිබෙනවා. ආසන්න වශයෙන් ඇස්තමේන්තුගත කරලා තිබෙනවා රුපියල් බිලියන 100ක පමණ ලාභයක්. ඒ වාගේම 2025 සහ 2026 වර්ෂ දෙක සඳහාත් බිලියන 100කට වඩා වැඩි ලාභයක් ඇස්තමේන්තු කරලා තිබෙනවා.
(ii) Return on Assets and Return on Equity පිළිබඳ දත්ත තිබෙනවා.
ඉහත (i) අනුව පසුගිය වසර 10 සඳහා ආයෝජන මත ප්‍රතිලාභ;
|
පසුගිය වසර 10 සඳහා ආයෝජන මත ප්‍රතිලාභ |
||
|
වර්ෂය |
ROA(%) |
ROE(%) |
|
2014 |
1.6 |
20.5 |
|
2015 |
1.7 |
22.2 |
|
2016 |
1.9 |
28.4 |
|
2017 |
1.7 |
20.9 |
|
2018 |
1.6 |
17.3 |
|
2019 |
1.3 |
16.8 |
|
2020 |
0.9 |
11.9 |
|
2021 |
1.3 |
21.0 |
|
2022 |
0.8 |
14.1 |
|
2023 |
0.9 |
10.6 |
Return on Assets, 2024 වර්ෂයේ දී සියයට 2 ඉක්මවලා යන තත්ත්වයක් ඇස්තමේන්තු කරලා තිබෙනවා. 2025 සහ 2026 වර්ෂ සඳහා සියයට 2.3, සියයට 2.4 වශයෙන් තිබෙනවා.
Return on Equity, 2024 සඳහා පුරෝකථනය වශයෙන් 19.1ක් තිබෙනවා. 2025 සහ 2026 වර්ෂ සඳහා පිළිවෙළින් සියයට 17.8ක් සහ 16.7ක් තිබෙනවා. තවමත් මෙම මූල්‍ය ප්‍රකාශන අවසාන කරලා නැහැ.
(iii) පසුගිය වසර 5 සඳහා පරිපාලන පිරිවැය සහ ආන්තික ණය අනුපාතය:
|
වර්ෂය |
පරිපාලන පිරිවැය (රුපියල් බිලියන) |
ශුද්ධ පොලී ආන්තිකය(%) |
|
2019 |
32.5 |
3.2 |
|
2020 |
33.1 |
2.8 |
|
2021 |
41.7 |
3.3 |
|
2022 |
47.3 |
3.1 |
|
2023 |
52.3 |
2.1 |
2024 සඳහාත් ආසන්න වශයෙන් සියයට 3.8ක් වාගේ ප්‍රමාණයක යම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා.
(iv) පරිපාලන පිරිවැය ණය අනුපාතිකයේ ප්‍රතිශතයක් ලෙස:
|
වර්ෂය |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
|
පරිපාලන පිරිවැය ණය අනුපාතිකයේ ප්‍රතිශතයක් ලෙස (%) |
1.50 |
1.38 |
1.68 |
2.98 |
2.55 |
* අරමුදලේ පිරිවැය ලෙස සලකන පරිපාලන පිරිවැය අනුපාත ලෙස දී ඇත.
(v) 2019 සිට මේ දක්වා ශේෂ පත්‍ර අගය මෙතැනදී මම හිතන හැටියට ශේෂ පත්‍ර අගයන් විධියට ඉල්ලා තිබෙන්නේ ශේෂ පත්‍රයේ මුළු වත්කම් - total assets - ප්‍රමාණය. එය මෙසේයි.
|
වර්ෂය |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
|
ශේෂ පත්‍ර අගයන් (රු. ට්‍රිලියන) |
2.4 |
3.0 |
3.8 |
4.3 |
4.4 |
2024 සඳහා රුපියල් ට්‍රිලියන 4.9ක් ඇස්තමේන්තු කර තිබෙනවා.
(ඇ) (i) රුපියල් බිලියනයට වඩා වැඩි ණය මුදල් කපා හැර නොමැත. කිසිම ණය ප්‍රමාණයක් කපා හැරලා නැහැ. නමුත් රුපියල් බිලියනයට වඩා ප්‍රතිපාදන කරපු ඒවා තිබෙනවා. කපාහැරීම් සිද්ධ කරලා නැහැ, රුපියල් බිලියනයට වඩා.
(ii) අදාළ නොවේ.
(iii) බැංකුව විසින් දීර්ඝව අනුගමනය කරන ඒගොල්ලන්ගේ ක්‍රියා පිළිවෙතක් තිබෙන්නේ. ඒ නිසා එය මෙතැනදී ඉදිරිපත් කරන්නේ නැහැ. අදාළ නීති රීති යටතේ ඒ ගොල්ලන් ක්‍රියාමාර්ග ගන්නවා. මා කලිනුත් සඳහන් කළා වාගේ ප්‍රතිපාදන සිද්ධ කරලා තිබෙනවා, ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks