පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-07
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පසුගිය වසර 30 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඇමුණුම 01** හි සඳහන් වේ.
(ii) නාමික දළ දේශීය නිෂ්පාදිතය පුරෝකථනය කිරීම සඳහා භාවිත කරන වත්මන් ආකෘතිය තවදුරටත් වැඩිදියුණු කළ යුතු මූලික ආකෘතියක් වේ. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත බලාත්මක කිරීමෙන් පසුව දළ දේශීය නිෂ්පාදිතය පුරෝකථනය කිරීමෙන් පසුව දළ දේශීය නිෂ්පාදිතය පුරෝකථනය කිරීමේ වගකීම මුදල් අමාත්‍යාංශයට පැවරිණි.
ඒ අනුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකතුව වැඩිදියුණු කළ පුරෝකථන ආකෘතියක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටී. දැනට එහි පුහුණු කටයුතු සිදු වෙමින් පවතින අතර, දෙපාර්තමේන්තුව නව ආකෘතිය නිර්මාණය සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙමින් සිටී. (ඇමුණුම 02**)
(ආ) (i) 1. අධ්‍යාපනය සහ මානව සම්පත්: වර්තමාන මෙන්ම අනාගත අවශ්‍යතා සමඟ ගැළපෙන පරිදි වෘත්තීය පුහුණු ඇතුළු සැමට ප්‍රවේශ විය හැකි උසස් ගුණාත්මක තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීම.
2. සෞඛ්‍ය ආරක්ෂණය: මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කිරීම මඟින් පුළුල් සෞඛ්‍ය ආවරණයක් ලබා දීම.
3. කෘෂිකර්මය: නවීන තාක්ෂණය සහ තිරසාර ක්‍රමවේදයන් භාවිතය තුළින් ඵලදායීතාව ඉහළ නැංවීම.
4. බලශක්තිය: තිරසාර ලෙස බලශක්ති උත්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම.
5. ධීවර හා සමුද්‍ර සම්පත්: තිරසාර කළමනාකරණය සහ අගය එකතු කළ සමුද්‍ර සම්පත් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම.
6. ඩිජිටල්කරණය: රාජ්‍ය පාලනය, ආර්ථිකය සහ පොදු සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් රජයක් ස්ථාපිත කිරීම.
7. සංචාරක: දේශීය සංස්කෘතිය සහ පරිසරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, නවීකරණය කරන ලද තිරසාර සංචාරක කර්මාන්තයක් ස්ථාපිත කිරීම.
8. ප්‍රවාහනය: කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ප්‍රවේශය පහසු කිරීම සඳහා පොදු ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
9. ව්‍යවසායකත්වය සහ කර්මාන්ත: නවෝත්පාදන මත පදනම් වූ ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සහ කර්මාන්ත අංශයේ සංවර්ධනයට සහාය වීම.
10. සංස්කෘතික හා පාරිසරික සංරක්ෂණය: සමාජ යහපැවැත්ම ස්ථාවර කිරීම උදෙසා සංස්කෘතික උරුම සංරක්ෂණය සහ පාරිසරික තිරසාරත්වය තහවුරු කිරීම.
(ii) රජය දේශීය ආයෝජකයින් කෙරෙහි අවධානය යොමු කිරීමට සහ ඔවුන්ගේ දායකත්වය උපරිම මට්ටමින් ලබා ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.
එසේම ඉදිරි වසර දහය සඳහා පුරෝකථනය කරන ලද ආයෝජන වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් සහ ඇමෙරිකානු ඩොලර්වලින් ඇමුණුම 02හි සඳහන් වේ.
(iii) ශ්‍රී ලංකා රජය සිය ආර්ථිකය නඟාසිටුවීමේ පුළුල් සැලැස්මේ කොටසක් ලෙස විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ප්‍රයෝජනයට ගැනීමට කැපවී සිටී. ක්‍රියාවලීන් විධිමත් කිරීම, නීතිමය ප්‍රතිසංස්කරණ සහ ඉලක්කගත දිරිගැන්වීම් හරහා ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම මෙම ප්‍රයත්නයට ඇතුළත් වේ.
විධිමත් ක්‍රියාවලීන්: ආයෝජන ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා වර්තමාන ආයෝජන ප්‍රවර්ධන ප්‍රයත්නයන් ඒකාබද්ධ කිරීමට සහ විධිමත් කිරීමට තනි බලයලත් ආයතනයක් පිහිටුවීම.
නෛතික සහ නියාමන රාමු: විනිවිදභාවය වැඩිදියුණු කිරීම, ආයෝජන ආරක්ෂා කිරීම සහ පිළිගත් ජාත්‍යන්තර ක්‍රමවේදයන් සමඟ අනුකූල වීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීම, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ ආයෝජකයින්ගේ ආරක්ෂාව සඳහා වන නීති රාමු මෙයට ඇතුළත් වේ.
දිරිගැන්වීම් සහ යටිතල පහසුකම්: විදේශීය ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා බදු සහන සහ ප්‍රදාන ලබා දීම සහ කාර්යක්ෂම යටිතල පහසුකම් සංවර්ධනයට සැලසුම් කර ඇත. එමෙන්ම උපයෝගිතා, පුහුණු ශ්‍රමිකයින් සහ කාර්යක්ෂම මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය සැපයීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.
ආංශික අවධානය: තොරතුරු තාක්ෂණ උපකරණ සහ මෘදුකාංග සඳහා ශුන්‍ය වැට් බදු අනුපාත පැනවීම වැනි ක්‍රියා මඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය වැනි ඉහළ වර්ධනයක් සහිත කර්මාන්ත සඳහා විදේශ ඍජු ආයෝජන -FDIs- ආකර්ෂණය කර ගැනීම සඳහා අවධානය යොමු කරනු ලැබේ.
ප්‍රාග්ධන වෙළෙඳ පොළ: ප්‍රාග්ධන වෙළෙඳ පොළ වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම මඟින් විදේශ ආයෝජන සඳහා පහසුකම් සැලසීම සහ ශක්තිමත් සුරැකුම්පත් හුවමාරු මධ්‍යස්ථානයක් බවට සහතික කිරීම.
හවුල්කාරිත්වයන් සහ ගෝලීය සන්නාමකරණය: බහුජාතික සමාගම් සමඟ හවුල්කාරිත්වයන් සහ ශ්‍රී ලංකාව ගෝලීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස නැවත සන්නාමගත කිරීම මඟින් ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අවධානය යොමු කරනු ලැබේ.
කඩිනම් ව්‍යාපෘති: ජාතික ප්‍රමුඛතා සහ සංවර්ධන උපාය මාර්ග සමඟ සමපාත වන ඇනහිට ඇති හෝ යෝජිත ඍජු විදේශ විනිමය ව්‍යාපෘති -FDI- කඩිනම් කිරීම මේ යටතේ අවධාරණය කෙරේ.
කෙසේ වෙතත් පවතින ආර්ථික අස්ථාවරත්වය, ගෝලීය වෙළෙඳ පොළ උච්චාවචනයන් සහ ස්වභාවික විපත්වලට බඳුන්වීම සඳහා ශ්‍රී ලංකාවට ඉහළ සම්භාවිතාවයක් තිබීම වැනි සාධක හේතුවෙන් ඉදිරි වසර දහය සඳහා විදේශීය ආයෝජනවල වටිනාකම ප්‍රක්ෂේපණය කිරීම ඉතා අභියෝගාත්මකය.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks