E   |     |  

 දිනය: 2025-07-22   පිළිතුර ලබා දී ඇත 

0162/2025: 2023.09.21 සිට 2024.09.20 දක්වා ඛනිජ තෙල් අළෙවිය: බදු ආදායම සහ ලාභය

162/2024

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       2023.09.21 සිට 2024.09.20 දක්වා ඛනිජ තෙල් අලෙවි කිරීමෙන් රජය විසින් උපයන ලද බදු ආදායම කොපමණද;

            (ii)       එම කාලසීමාව තුළදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව උපයන ලද ලාභය/අලාභය කොපමණද;

(iii) එම කාලසීමාව‍ තුළදී ඉන්ධන අලෙවි කිරීමේදී වංචා සිදු වී තිබේද;

(iv) එසේ නම්, ඉන්ධන ලීටරයකින් වංචා කරන ලද මුදල, එක් එක් ඉන්ධන වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) වංචා කරන ලද මුළු මුදල කොපමණද;

(vi) ඉන්ධන ලීටරයකින් වංචා කරන ලද මුදල අඩු කිරීමෙන් පසු ලැබිය යුතු සහනය මේ වනවිට පාරිභෝගිකයන් වෙත ලබා දෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-07-22

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       බදු ආදායම - රුපියල් මිලියන 284,431.80කි.

වර්ෂය

2023

මාසය

සැප්තැම්බර් 21- 30

ඔක්තෝබර්

නොවැම්බර්

දෙසැම්බර්

බදු ආදායම රු.මිලියන

8,578.00

26,984.00

14,870.00

24,574.46

වර්ෂය

2024

මාසය

ජනවාරි

පෙබරවාරි

මාර්තු

අප්‍රේල්

මැයි

ජුනි

ජූලි

අගෝස්තු

සැප්. 01-20

බදු ආදායම රු.මිලියන

22,753.00

22,848.00

30,254.00

27,238.20

26,794.80

23,737.00

26,307.00

10,574.00

18,919.34

 

(ii)     ලාභය - රුපියල් මිලියන 52,312.23

 

වර්ෂය

2023

මාසය

සැප්තැම්බර් 21- 30

ඔක්තෝබර්

නොවැම්බර්

දෙසැම්බර්

ලාභය රු.මිලියන

3,508.36

7,481.14

5771.42

7,886.65

වර්ෂය

2024

මාසය

ජනවාරි

පෙබරවාරි

මාර්තු

අප්‍රේල්

මැයි

ජුනි

ජූලි

අගෝස්තු

සැප්තැම්බර් 01-20

ලාභය රු.මිලියන

(6,495.08)

1,028.12

9,588.07

9,518.39

3,811.21

3,255.58

3,294.15

3,442.51

221.71

(iii)     ඉන්ධන අළෙවියේදී වංචා සිදු වී තිබේද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් පවතී. එම විමර්ශන අවසානයේදී වංචා සිදු වී තිබේද, නැද්ද යන්න පිළිබඳව තීරණය වේ. එබැවින් මෙම අවස්ථාවේදී වංචාවන් සිදුවී ඇති ද, නැද්ද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.

(iv)     අදාළ නොවේ.

(v)      අදාළ නොවේ.

(vi) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks