පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
158/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයාගේ නම කවරේද;
(ii) ඔහුගේ සුදුසුකම් කවරේද;
(iii) එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම එක් එක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයාගේ නම, ලිපිනය, අධ්‍යාපන සුදුසුකම්, මේ දක්වා දරා ඇති තනතුරු, එම පෙර තනතුරු දරන ලද ආයතනය සහ වර්තමානයේදී වෙනත් ආයතනවල දරන තනතුරු වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-06
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) හර්ෂ දුමින්ද අබේවික්‍රම
(ii) a. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි මැක්ස්වෙල් ගුවන් හමුදා කඳවුරේ ගුවන් විශ්ව විද්‍යාලයේ ගුවන් අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධරයෙකි.
b. එක්සත් රාජධානියේ ලන්ඩනයේ රාජකීය ආරක්ෂක අධ්‍යයන විද්‍යාලයේ උපාධිධරයෙකි.
c. ලන්ඩනයේ කිංග්ස් කොලේජ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි.
d. ශ්‍රී ලංකාවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධිධරයෙකි.
(iii) 08යි.
(iv) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ විස්තර වෙන් වෙන් වශයෙන් පහතින් දැක්වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks