පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
154/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මන්නාරම පිහිටුවා ඇති “තම්බපවනී” සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම ඉදිකිරීම් සඳහා භාවිතා කරන ලද දේශීය ආයෝජන ප්‍රමාණය සහ විදේශීය ආයෝජන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම බලාගාරයේ ධාරිතාවය (Installed Capacity) කොපමණද;
(iv) එම බලාගාරයේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුදල කොපමණද;
(v) වර්ෂ 2021 සිට 2024 දක්වා එම බලාගාරය මඟින් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ලද බලශක්ති ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත විදුලි බලාගාරය හේතුවෙන් සංක්‍රමණික කුරුල්ලන්ට සිදු වන හානි වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) එම පියවරවල සාර්ථකත්වය කෙබඳුද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මන්නාරම දූපතේ තවත් සුළං විදුලි බලාගාර ඉදිකිරීමට විභවයක් තිබේද;
(ii) එසේ නම්, එම සුළං විදුලි බලාගාරවල ධාරිතාවය කොපමණද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-07
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2019.03.04වන දින
(ii) දේශීයව රුපියල් බිලියන 2.1ක් ද විදේශීයව ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක් ද වේ.
(iii) මෙට්‍රික්ටොන් 103.5කි.
(iv) ජනන පිරිවැය රුපියල් 12.19කි. (වැඩිදුර තොරතුරු සඳහා මීට අදාළ පිරිවැය සටහන ඇමුණුමෙහි** දක්වා ඇත.)
(v)
|
වර්ෂය |
ශුද්ධ බලශක්තිය (ගි.වො.පැය) |
|
2021 |
318 |
|
2022 |
347 |
|
2023 |
391 |
|
2024 |
383 |
(ආ) (i) ඒ සඳහා කුරුල්ලන් හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපනය කර ඇත. (එමඟින්, ටර්බයින පෙත්තකට මීටර් 500ක් ඇතුළතින් කුරුල්ලෙකු හඳුනා ගතහොත් රේඩාර් පද්ධතිය මඟින් ටර්බයිනය ස්වයංක්‍රීයව නතර කරනු ලබයි.)
(ii) ඒ නිසා කුරුල්ලන්ට සිදුවන හානිය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බැවින් එම පද්ධතිය භාවිත කිරීම සාර්ථක වී ඇත. කෙසේ වෙතත්, පද්ධතිය තවමත් අඛණ්ඩ අධීක්ෂණය සහ සත්‍යාපනය යටතේ - under continuous monitoring and verification - පවතී.
(ඇ) (i) ඔව්.
(ii) 2014 වසරේදී ආසියානු සංවර්ධන බැංකුවෙහි තාක්ෂණික සහාය ඇතිව සකසන ලද "මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි ජනන සංවර්ධන ප්‍රධාන සැලැස්ම" ට අනුව මන්නාරම දූපත තුළ මෙගාවොට් 300ක විභවයක් හඳුනා ගන්නා ලදී. කෙසේ වෙතත් ඉන් අනතුරුව සිදුකරන ලද සවිස්තරාත්මක අධ්‍යයනයන්ට අනුව සමස්ත විභවය මෙගාවොට් 400ක් ලෙස දක්වා ඇත.
|
ධාරිතාව |
විස්තරය |
|
103.5 |
ලංවිම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය |
|
50 |
දැනට ටෙන්ඩර් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් පවතී. |
|
250 |
ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි විභවයන් |
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks