04

E   |     |  

 දිනය: 2025-02-07   පිළිතුර ලබා දී ඇත 

0151/2025: ජාතික පද්ධතියට එකතු කරන ලද සූර්ය විදුලිබල ධාරිතාව: විස්තර

----

අසන ලද දිනය

2025-02-07

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)     (i)

ලංකා විදුලිබල මණ්ඩලය

මෙගාවොට් 1,266

ලංකා විදුලි පුද්ගලික සමාගම

මෙගාවොට් 259

(ii)

වර්ෂය  

එකතු කළ ඒකක ප්‍රමාණය

(ගිගාවොට් පැය)

එකතුව

ලංකා විදුලිබල මණ්ඩලය (පොළොව මත හා පියසි මත)

ලංකා විදුලි පුද්ගලික සමාගම (පියසි මත)

2016

22

7

29

2017

108

14

122

2018

186

27

213

2019

285

45

330

2020

387

65

452

2021

546

84

630

2022

720

113

833

2023

859

127

986

2024 නොවැම්බර් දක්වා

986

175

1,161

              (iii)       2016 සැප්තැම්බර් 06 දින.

              (iv)     

 

ක්‍රමවේදය  

එකතු කර ඇති ධාරිතාව (මෙගාවොට්)

පද්ධතියට එකතු වන මුළු ධාරිතාවය  

ලංකා විදුලිබල මණ්ඩලය

ලංකා විදුලි පුද්ගලික සමාගම

Net Metering

186

30

මෙගාවොට් 216

Net Accounting

580

186

මෙගාවොට් 766

Net+

347

34

මෙගාවොට් 381

(v) 1.     විවිධ ජාත්‍යන්තර ණය ආධාර ක්‍රම යටතේ ආගමික ස්ථාන සඳහා සූර්ය බලාගාර පද්ධති ලබා දීම.

                2.      තරගකාරී ටෙන්ඩර් ක්‍රම මඟින් මහා පරිමාණ සූර්ය බලාගාර සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම.

                3.      සූර්ය බලාගාර ඉදිකිරීම සඳහා වන අනුමැතීන් ලබා දීමේදී ඇති වන ප්‍රමාදවීම් වළක්වා ගැනීමට සුනිත්‍ය බලශක්ති අධිකාරිය - SEA, ලංකා විදුලිබල මණ්ඩලය - CEB - සහ ලංකා විදුලි පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාපටිපාටීන් සකස් කර ගැනීම.

4. වහල මත ඉදිකරන සූර්ය බලාගාර සඳහා පාරිභෝගිකයාට ගැළපෙන පරිදි තෝරා ගැනීම සඳහා විවිධ යෝජනා ක්‍රම - Net Plus, Net Plus Plus, Net Accounting, Net Metering - යටතේ පහසුකම් සලසා තිබීම.

5. වහල මත ඉදිකරන සූර්ය බලාගාර සඳහා මාර්ගගත ක්‍රමය යටතේ clearance ලබා ගැනීම සඳහා පහසුකම් සලසා තිබීම.

6. පැරිස් එකඟතාවට අනුව ශ්‍රී ලංකාවේ පාරිසරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අනුකූල වන පරිදි "විදුලිබල කර්මාන්තය සඳහා වූ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ (2022)" යටතේ 2030 වන විට ශ්‍රී ලංකාව තුළ මුළු විදුලි ජනනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් ලබාදිය යුතු බව මාර්ගෝපදේශනය කර ඇත. තවද ඒ මඟින් සූර්ය බලශක්තිය ඇතුළු අනිකුත් පුනර්ජනනීය විදුලිබල ප්‍රභේදයන් ජාතික විදුලිබල පද්ධතියට ඵලදායීව අවශෝෂණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන බලශක්ති ගබඩා පද්ධති - Energy Storage Systems - ඉදිකිරීමට ද නිර්දේශ කර ඇත.

7. ඉහත මාර්ගෝපදේශයට අනුව ලංකා විදුලිබල මණ්ඩලය මඟින් සෑම වසර දෙකකට වරක් ප්‍රකාශයට පත් කරන 20 අවුරුදු දිගු කාලීන ජනන සැලැස්ම තුළ වාර්ෂිකව සැලකිය යුතු සූර්ය බල ධාරිතාවක් - 300-400MW - ක්‍රමානුකූලව ජාතික පද්ධතියට අවශෝෂණය කරගත හැකි පරිදි සැලසුම් කර ඇත. බලශක්ති ගබඩා පද්ධති - Energy Storage Systems - එනම් බැටරි බලශක්ති ගබඩා පද්ධති - Battery Energy Storage Systems - හා පොම්ප කර ගබඩා කරන ජල විදුලි පද්ධති - Pumped Hydro Storage Power Plants - නිසි කාලයේදී පද්ධතියට එක් කර ගැනීමට ද සැලසුම් ඉදිරිපත් කර ඇත. තවද, පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඵලදායීව පද්ධතියට එක්කර ගැනීම සඳහා ඒවායින් පද්ධති ස්ථාවරත්වය - system stability - මත ඇති කරන ඍණාත්මක බලපෑම් පාලනය කිරීම සඳහා නම්‍යශීලී තාප විදුලි බලාගාර (දෘවිත ස්වාභාවික වායු, හරිත හයිඩ්‍රජන් වැනි පරිසර හිතකාමී ඉන්ධන මඟින්) ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.

8. වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට අවශෝෂණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන සම්ප්‍රේෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය සැලසුම් දිගුකාලීන සම්ප්‍රේෂණ සැලසුම් යටතේ ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතී.

9. විදුලිබල පද්ධතියේ පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම මඟින් පද්ධතියේ ධාරිතාවය වැඩිදියුණුකොට සූර්යබල පද්ධති ප්‍රවේශයන් පුළුල් කිරීම.

10. විදුලිබල තාක්ෂණික නිලධාරින්ට සහ ඉංජිනේරුවන්ට පුහුණු වැඩමුළු පැවැත්වීම.

11. නව සේවා සැපයුම් ආයතන බඳවා ගැනීමේ කටයුතු සිදු කිරීම.

12. ගුවන් විදුලිය, රූපවාහිනිය හරහා මහජනතාව දැනුවත් කිරීම.

13. රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති සවි කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීම.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks