පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-02-05
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) පනත සඳහා සංශෝධන කිහිපයක් ගෙන ඒමට අමාත්‍යාංශය විසින් කටයුතු කරමින් පවතී.
(iii) තිරසර සංවර්ධන සුරක්ෂිත බලශක්ති ක්ෂේත්‍රයක් ස්ථාපනය කිරීම සඳහා විදුලිබල පනතට ඇතුළත් කළ යුතු සංශෝධන හඳුනාගෙන 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සමාලෝචනය කිරීම සඳහා ප්‍රධාන පාර්ශ්වකරුවන් හා බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට 2024.12.30 දින පැවැති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත. ඒ අනුව පහත සඳහන් කමිටුව 2025.01.03 දින පත් කර ඇත.
1. මහාචාර්ය උදයංග හේමපාල මහතා, ලේකම්, බලශක්ති අමාත්‍යාංශය - කමිටු සභාපති
2. ඉංජිනේරු පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ මහතා, අධ්‍යක්ෂ ජනරාල්, විදුලිබල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය - කමිටුවේ ප්‍රධාන ලේකම්
3. ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා, සභාපති ලංකා විදුලිබල මණ්ඩලය - සාමාජික
4. ඉංජිනේරු ජනක අලුත්ගේ මහතා, සභාපති, ලංකා විදුලි පුද්ගලික සමාගම - සාමාජික
5. මහාචාර්ය අතුල රාජපක්ෂ මහතා, මහාචාර්ය, මැනිටෝබා විශ්වවිද්‍යාලය - සාමාජික
6. මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා, පීඨාධිපති, ඉංජිනේරු පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය - සාමාජික
7. ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය, මොරටුව විශ්වවිද්‍යාල - සාමාජික
8. ඉංජිනේරු කෝසල කඹුරදෙණිය මහතා, වරලත් ඉංජිනේරු ආයතනයෙහි තේරී පත් වූ සභාපති - සාමාජික
9. ආචාර්ය ඉන්ද්‍ර මහාකලන්ද මහතා, මොරටුව විශ්වවිද්‍යාලය - සාමාජික
කමිටුව විසින් වාර්තාව 2025.01.20 දින භාර දී ඇත. යෝජිත සංශෝධන සඳහා මහජන අදහස් ලබා ගැනීමට 2025.01.28 දින සිට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, 2025.02.07 දින දක්වා අදහස්/යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ සලසා ඇත.
ඇත්තටම අපි එහි කාලය 2025.02.14 දක්වා සතියකින් දීර්ඝ කළා. ඒ අනුව එම දිනය දක්වා අදහස්/යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දී තිබෙනවා.
එමෙන්ම, මෙම සංශෝධන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ආදී ප්‍රධාන ආයතන වෙතද ඉදිරිපත් කර එම ආයතනවල අදහස් ලබා ගැනීමටද අමාත්‍යාංශය විසින් කටයුතු කරමින් ඇත.
ඉහත කමිටු වාර්තාවේ පිටපතක් සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks