E   |     |  

 දිනය: 2025-01-23   පිළිතුර ලබා දී ඇත 

0149/2025: පැල්පොල අන්තර් හුවමාරුව ව්‍යාපෘතිය: විස්තර

149/2024

ගරු අජිත් පී. පෙරේරා මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       කළුතර නගරය, මිල්ලනිය, වාද්දූව, මොරොන්තුඩුව වැනි අධික ජනගහනයකින් යුතු සහ විවිධ කර්මාන්ත පිහිටුවා ඇති සහ සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් ප්‍රදේශයකට, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ප්‍රවේශය සපයන, “පැල්පොල අන්තර් හුවමාරුව” ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘතියක් බව පිළිගන්නේද;

(ii) එම ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;

(iii) එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇති මුදල කොපමණද;

(iv) එම ව්‍යාපෘතිය සඳහා මේ දක්වා වැය කර ඇති මුදල කොපමණද;

(v) ඒ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට වැය කර ඇති මුදල කොපමණද;

(vi) එම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා අවශ්‍ය මුදල කොපමණද;

(vii) එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂිත කාල වකවානු කවරේද;

(viii) ගැලනිගම අන්තර් හුවමාරුවේ සිට දොඩන්ගොඩ අන්තර් හුවමාරුව දක්වා ඇති දුර කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-23

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      නැත.

                        දක්ෂිණ අධිවේගී මාර්ග සඳහා කළ මුල් මැනුම් හි පැල්පොල අන්තර් හුවමාරුවක් සටහන්ව නොමැත්තේ එම ප්‍රදේශයේ ජනගහනයට සාපේක්ෂව ගැලනිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරුව ප්‍රමාණවත් නිසාවෙනි. පැල්පොල ප්‍රදේශයේ අන්තර් හුවමාරුවක් යෝජනා වූයේ යෝජිත මිල්ලනිය කර්මාන්තපුරයට අධිවේගී මාර්ගයෙන් ප්‍රවේශයක් ලබාගැනීමේ අරමුණෙනි. එහෙත් වර්තමානයේ මිල්ලනිය කර්මාන්තපුරයේ සංවර්ධන කටයුතු සිදුනොවන බැවින් පැල්පොල හුවමාරුවක අවශ්‍යතාවක් නොපවතී.

(ii) 2018 වර්ෂයේ මැයි මස ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

(iii) රුපියල් මිලියන 180යි.

පැල්පොල අන්තර් හුවමාරුව - රුපියල් මිලියන 100යි.

 මිල්ලනිය-පැල්පොල මාර්ගය සඳහා - රුපියල් මිලියන 80යි.

(iv) රුපියල් මිලියන 120යි - Ramp B & Ramp D.

(v) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු සඳහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් පොදු තැන්පත් ගිණුමේ රුපියල් 91,500,000.00ක් තැන්පත් කර ඇති අතර, ඉන් රුපියල් 91,125,842.04ක් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා වැය කර ඇත.

(vi) 2019 වර්ෂයේ ඇස්තමේන්තු මුදල

*  පැල්පොල අන්තර් හුමවාරුව - රුපියල් මිලියන 1,524යි.

*  මිල්ලනිය-පැල්පොල මාර්ගය සඳහා - රුපියල් මිලියන 2,666යි.

(vii) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මුදල් වෙන් කිරීමෙන් හා වැඩ ආරම්භ කිරීමට අනුමැතිය ලද පසු මාස 24කින්.

(viii) කිලෝමීටර  21යි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-01-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks