පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
148/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කළුතර දිස්ත්‍රික්කයේ, බණ්ඩාරගම ඉදිකර ඇති කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය විවෘත කරන ලද දිනය කවරේද;
(ii) එම ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;
(iii) නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම ක්‍රීඩා සංකීර්ණය පරිහානියට පත් වී ඇති බව දන්නේද;
(iv) එම ක්‍රීඩා සංකීර්ණයේ ඇති මීටර් 400 ධාවන පථය නිසි ප්‍රමිතියට සකස් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(v) එම ක්‍රීඩා සංකීර්ණයේ ආරක්ෂිත තාප්පයෙන් පිටත ඇති, එයට අයත් භූමිය රථවාහන නතර කිරීම සඳහා සුදුසු වන පරිදි සකස් කිරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ක්‍රීඩා සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඇති කර ගෙන ඇති ගිවිසුම පිළිබඳව දන්නේද;
(ii) එම ක්‍රීඩා සංකීර්ණයේ ඇති ක්‍රීඩාංගනය, ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා සුදුසු වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව සංවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-21
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2017 ජුනි 29වන දින. පිහිනුම් තටාකය 2018.05.09 වැනි දින විවෘත කර තිබෙනවා.
(ii) වැය කරන ලද මුදල රුපියල් මිලියන 241.314කි.
(iii) පරිහානියට පත් වී නැත. දැනටත් එහි ක්‍රීඩා කටයුතු සිද්ධ වෙනවා. අවබෝධතා ගිවිසුමක් මඟින් බාහිර පාර්ශ්ව සඳහා ක්‍රීඩා සංකීර්ණය පැවරීමට වැඩ පිළිවෙළක් දියත් කර තිබෙනවා. පසුගිය අවුරුද්දේ අලුත්වැඩියා කටයුතු සිදුවෙලා නැහැ. ඉදිරියේදී අලුත්වැඩියා කටයුතු කරන්න මුදල් වෙන්කර තිබෙනවා. දැනට අපි ඒ ගැන සොයා බලමින් පවතිනවා.
වර්තමාන තත්ත්වය ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iv) මේ ප්‍රශ්නයේම තිබෙනවා නිසි ප්‍රමිතියට හදලා නැහැ කියලා.
කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත මීටර් 400 ධාවන පථය සම්බන්ධව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ තාක්ෂණ නිලධාරි මඟින් වාර්තාවක් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. එම වාර්තාව පදනම් කරගෙන ක්‍රීඩාංගණයේ ඉදිරි සංවර්ධන කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
(v) ඔව්. ඒ සඳහා පියවර ගන්න පුළුවන්. මොකද, ඒකෙන් එහා පැත්තේ විශාල ඉඩක් නිකම් තිබෙනවා. අපි ඒක බැලුවා. අපි ප්‍රාදේශීය සභාවත් එක්ක කථා කරලා, එතැන රථ වාහන නතර කරන්න සුදුසු තත්ත්වයට සකස් කරන්න පියවර ගන්නවා.
(ආ) (i) කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ගිවිසුමකට එළැඹ නැත.
(ii) එම යෝජනා ක්‍රියාත්මක නොකිරීමට හේතුව මේකයි. අපි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා, ඒක ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරන්න කියලා. නමුත්, තවම ඒ පැවරීම නිසියාකාරව සිද්ධ වෙලා නැහැ. ඒ එකඟතාව ගන්න අපි කටයුතු කරනවා.
ඒ වාගේම, කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩා පිටියේ හා එහි අවට කොටස්වල සියලු නඩත්තු කටයුතු සිදු කිරීම කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය තමයි කරන්නේ. ඒ ශ්‍රම දායකත්වය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා භූමි සහායකයන් විසින් ලබා දෙනවා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks