01

E   |     |  

 දිනය: 2025-01-07   පිළිතුර ලබා දී ඇත 

0146/2025: ක/රමුක්කන විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාල භූමියේ ඉදිවන නව පාසල: ප්‍රගතිය

146/2024

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ක/රමුක්කන විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලය පිහිටි භූමියේ නවීන පහසුකම් සහිත නව පාසලක් ඉදිකිරීම සඳහා “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ පියවර ගන්නා ලද බව දන්නේද;

(ii) ඒ සඳහා මේ දක්වා වැය කර ඇති මුදල කොපමණද;

(iii) එම නව පාසල ‍ඉදිකිරීමේ සැලැස්ම අනුව මේ වනවිට එහි ඉදිකිරීම්වල ප්‍රගතිය කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත ව්‍යපෘතිය යටතේ ඉදිකිරීම් ආරම්භ කරන ලද මහල් හතරකින් යුතු පාසල් ගොඩනැගිල්ලේ අඩක් පමණක් නිම කර මේ වනවිට එහි ඉදිකිරීම් නවතා දමා ඇති බව දන්නේද;

(ii) එම පාසලේ ක්‍රීඩාංගණයේ ගොඩගසා ඇති ගල් සහ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමට ගනු ලබන පියවර කවරේද;

  (iii) ඉහත පාසල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2025-01-07

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඒ සඳහා මේ දක්වා වැය කර ඇති මුදල රුපියල් මිලියන 217කි.

              (iii)      •     නව පාසල ඉදිකිරීමේ සැලැස්ම අනුව U හැඩයේ සිව්මහල් ගොඩනැඟිල්ලේ ප්‍රගතිය සියයට 100කි.

                         •      ඉදිකිරීම් අතරමඟ නැවතී ඇති ගොඩනැඟිල්ලේ ප්‍රගතිය සියයට 25කි.

(ආ)          (i) ඔව්.

              (ii) අබලි ද්‍රව්‍ය නොමැති අතර මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමේදී භූමියෙන් ඉවත් කරන ලද කළු ගල් පාසල වෙත භාර දී ඇත. ප්‍රාදේශීය ඉංජිනේරු                                 කාර්යාලයෙන් තක්සේරු වාර්තා ලබා දී ඇත. පාසල විසින් වෙන්දේසි කර ඉවත් කිරීමට හැකියාව ඇත.

             (iii) සම්පූර්ණ වශයෙන් ඉතිරි වැඩ නිම කිරීමට වර්තමාන තක්සේරුවට අනුව රුපියල් මිලියන 300ක් පමණ වැය වන බවට ප්‍රාදේශීය ඉංජිනේරු විසින් දන්වා                     ඇත. 2025 වර්ෂයේ අතුරු සම්මත අය වැය මඟින් පළාත් ප්‍රධාන ලේකම් වෙත අවශ්‍ය ප්‍රතිපාදනවලින් කොටසක් වෙන් කර දී ඇති අතර, ඉදිරියේදී                           ඉදිරිපත් කිරීමට නියමිත අය වැය මඟින් ඉතිරි ප්‍රතිපාදන වෙන් කර දීමට නියමිතය.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks