පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද විජේසිරි මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) හඳුන්වා දුන් දිනය කවරේද;
(ii) එම බද්ද ක්‍රියාත්මක වන ක්‍රමවේදය කවරේද;
(iii) වර්ෂ 2022 සිට 2025 දක්වා එම බද්ද මඟින් රජයට ලැබුණු ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම බද්ද හේතුවෙන් මෙරට වෘත්තීයවේදීන් අපහසුතාවයකට පත්ව ඇති බව පිළිගන්නේද;
(v) එම බද්ද සංශෝධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-09-25
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සේවකයින්ගේ වේතන හා වැටුප්වලින් සේවායෝජකයින් විසින් ආදායම් බදු අඩු කිරීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ 1932 ආදායම් බදු ආඥාපනත යටතේ පැවති අතර, එය අනිවාර්ය ක්‍රමයක් නොවීය. 1969 අංක 18 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් මූලාශ්රයේදීම බදු අයකර ගැනීම අනිවාර්ය කරන ලදී. කෙසේ වෙතත්, විධිමත් හා ක්රමානුකූල "Pay-As-You-Earn - PAYE" බදු ක්‍රමය නිල වශයෙන් 1971 වර්ෂයේදී ක්‍රියාත්මක විය.
(ii) සේවායෝජකයින් විසින් නීතියෙන් නියම කර ඇති බදු නිදහස් සීමාව ඉක්මවන මාසික රැකියා ආදායම මත අනුක්‍රමික බදු මුදලක් ඍජුවම අඩු කරනු ලබයි. එසේ අඩු කරන ලද බදු මුදල් ඊළඟ මාසයේ 15වන දිනට හෝ ඊට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත සේවායෝජකයා විසින් ප්‍රේෂණය කළ යුතුය. බදු මුදල ගණනය කිරීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් - CGIR - විසින් ප්‍රකාශයට පත් කරන ලද බදු වගුව - Tax Table එක - භාවිත කරනු ලැබේ.
(iii)
|
වර්ෂය |
PAYE බදු ආදායම (රුපියල් මිලියන) |
|
2022 |
25,546 |
|
2023 |
144,955 |
|
2024 |
197,572 |
|
2025 |
201,120 |
|
මුළු එකතුව |
569,193 |
(iv) මෙම බදු වගකීම වෘත්තිකයන්ට පමණක් සීමා නොවේ. දේශීය ආදායම් පනත යටතේ මාසිකව රුපියල් 150,000 ඉක්මවන ආදායමක් උපයන සියලු සේවකයින් මූලාශ්‍රයේදී අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්දට - Advance Personal Income Tax, APIT එකට - යටත් වේ. තවද, වෙනත් ඕනෑම මූලාශ්‍රයකින් ආදායම් ලබන පුද්ගලයින්ගේ බදු අය කළ හැකි ආදායම නීතියෙන් නියම කර ඇති සීමාව ඉක්මවන්නේ නම් එම පුද්ගලයින්ද පුද්ගලික ආදායම් බද්දට යටත් වේ.
(v) රජයේ මූල්‍ය අවශ්‍යතා සහ ආර්ථික තත්ත්වයන් මත PAYE වාර්ෂික බදු නිදහස් සීමාව විවිධ අවස්ථාවලදී සංශෝධනය කර ඇත. 2019 දක්වා රුපියල් 1,200,000ක් වූ එය 2020දී රුපියල් 3,000,000 දක්වා වැඩි කරන ලදී. නැවතත් 2022/2023 තක්සේරු වර්ෂයේදී රුපියල් 1,200,000 දක්වා අඩු කරන ලද එය 2025දී රුපියල් 1,800,000 දක්වා වැඩි කරන ලදී. අනාගතයේදී PAYE බදු නිදහස් සීමාව සහ බදු අනුපාතවල වෙනස්කම් සිදු කරන්නේ නම් එය රජයේ ආදායම් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතා - fiscal consolidation - ක්‍රියාවලියේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් තීරණය කරනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-09-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks