පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද විජේසිරි මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ජපන් රජයේ ණය ආධාර මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කරන ලද දිනය කවරේද;
(ii) එම තීරණය ගැනීම සඳහා බලපාන ලද සාධක කවරේද;
(iii) එම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සිදුවූ අලාභය කොපමණද;
(iv) ඒ සම්බන්ධයෙන් විගණන වාර්තාවේ සඳහන් කර ඇති නිර්දේශ කවරේද;
(v) එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කළ දිනය ජනාධිපති ලේකම්ගේ 2020 සැප්තැම්බර් 28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය (ඇමුණුම 01) ලද දිනයයි.
(ii) ප්‍රවාහන අමාත්‍යාංශය විසින් 2020 සැප්තැම්බර් මස 24 දාතමින් යුක්තව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශයේ අංක 2 යටතේ මෙකී අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කිරීමට හේතු වූ සාධාරණීකරණය 2.1 සහ 2.2 කරුණු අනුව එම තීරණය ගැනීමට පහත කරුණු බලපා ඇත.
2.1 යටතේ දක්වා ඇති පරිදි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ 2020 සැප්තැම්බර් මස 18වන දින පැවති සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතියේ පිරිවැය ප්‍රතිලාභ ඵලදායී නොවන බැවින් අවසන් කිරීම සුදුසු බවට ඔහු විසින් නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.
2.2 2020 සැප්තැම්බර් මස 21 දිනැතිව ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති ලිපිය මඟින් මෙම ව්‍යාපෘතිය
a) මිල අධික
b) ඵලදායී නොවන ව්‍යාපෘතියක් බවත්
c) කොළඹ නාගරික ප්‍රවාහන යටිතල පහසුකම් සැපයීම සඳහා සුදුසු ව්‍යාපෘතියක් නොවන බැවින් කියන සාධක මත තමයි මෙය අහෝසි කරන්න තීරණය කරලා තිබෙන්නේ.
(iii) ශ්‍රී ලංකා රජයට සිදු වූ අලාභය ගණනය කර නොමැත.
ගරු කථානායකතුමනි, නමුත් මේ ගිවිසුම අවලංගු කිරීම නිසා පහත සඳහන් පරිදි වන්දි ගෙවා තිබෙනවා.
|
ගෙවීම් සඳහා වන අයදුම්පත් අංකය |
මුදල් ඒකකය |
ගෙවූ මුදල |
ගෙවීම් කළ දිනය |
|
CO1 -FY017 |
JPY |
189,771,596.00 |
23 අගෝස්තු 2024 |
|
CO1 -FD017 |
USD |
1,031,848.84 |
27 අගෝස්තු 2024 |
|
CO1-LR017 |
LKR |
108,791,299.82 |
24 සැප්තැම්බර් 2024 |
ඊට අමතරව තව අමතර ගෙවීමකට, ඒ කියන්නේ එම සමාගම මේ ගෙවීම් ප්‍රමාද වීම නිසා ඒගොල්ලන්ට තවත් පොලී - interest - ලැබිය යුතුයි කියලා ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් ඒවා තවම ගෙවලා නැහැ. ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. හරියාකාරව අලාභය ගණනය කරලා නැහැ. නමුත් අලාභය ගණනය කරනවා නම් මේ විධියට තමයි කරන්න වෙන්නේ කියන එක තමයි මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයට පිළිතුර වන්නේ.
(iv) විගණකාධිපතිගේ අංක SIF/D/SPR/01/10 හා 2022.12.05 දිනැතිව නිකුත් කර ඇති නිර්දේශ විගණන වාර්තාවේ අංක 07හි සඳහන් කර ඇත.
ගරු කථානායකතුමනි, එහි විස්තර රාශියක් තිබෙනවා. විගණකාධිපතිතුමාගේ නිර්දේශ 9ක් තිබෙනවා. ඒ ඔක්කොම කියවන්න ගියොත් වෙලාව ගත වෙයි.
(v) කලින් ගත්ත තීරණය තමයි තිබෙන්නේ. මෙම ව්‍යාපෘතිය අවලංගු කරන්න ගත්ත තීන්දුව තමයි, රජයක් වශයෙන් පසුගිය කාලයේදී අරගෙන තිබෙන්නේ. ඒ අනුව අප මේ පිළිබඳව සමාලෝචනයක් කරලා, අලුතින් තීරණයක් අරගෙන නැහැ, ගරු කථානායකතුමනි. ඒ කාරණා තමයි දැනුවත් කරන්න තිබෙන්නේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks