පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති ජනාධිපති මන්දිර සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා පිහිටි ස්ථාන කවරේද;
(iii) 2018 වර්ෂයේ සිට මේ දක්වා එම එක් එක් ජනාධිපති මන්දිරය නඩත්තු කිරීම සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉහත ජනාධිපති මන්දිර ඵලදායි කටයුතු සඳහා භාවිතා කරන බවට වර්තමාන රජය විසින් පසුගිය මැතිවරණ සමයේදී සිදු කරන ලද ප්‍රකාශ, යථාර්ථයක් බවට පත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති ජනාධිපති මන්දිර සංඛ්‍යාව 07කි.
(ii) 1. කොටුව ජනාධිපති මන්දිරය - ජනාධිපති මාවත, කොළඹ 01
2. මහනුවර ජනාධිපති මන්දිරය - හිල් ස්ට්‍රීට්, මහනුවර
3. නුවරඑළිය ජනාධිපති මන්දිරය - නුවර පාර, නුවරඑළිය
4. කතරගම ජනාධිපති මන්දිරය - කිරිවෙහෙර පාර, කතරගම
5. අනුරාධපුර ජනාධිපති මන්දිරය - පැරණි නගරය, අනුරාධපුරය
6. මහියංගනය ජනාධිපති මන්දිරය - මහියංගනය
7. බෙන්තොට ජනාධිපති මන්දිරය - බෙන්තොට
(iii) එක් එක් මන්දිර සඳහා දරා ඇති වියදම් වෙන් වෙන් වශයෙන් ගිණුම්ගත කර නැත.
ගොඩනැඟිලි නඩත්තු හා අලුත්වැඩියා වැය විෂයන්හි සමස්ත වියදම තුළ පහත සඳහන් කරුණු වෙනුවෙන් දරන ලද වියදම් ඇතුළත් වේ.
1. ජනාධිපති මන්දිර නඩත්තු
2. ජනාධිපති මන්දිරවල උද්‍යාන නඩත්තු
3. ජනාධිපති නිල නිවාස නඩත්තු
4. ජනාධිපති ආරක්ෂක නිලධාරින්ගේ නවාතැන් සඳහා වෙන් වූ ගොඩනැඟිලි නඩත්තු
|
|
වර්ෂය |
ගොඩනැඟිලි නඩත්තු වියදම් 001-1-1-0-1303 (රු.මිලියන) |
ගොඩනැඟිලි අලුත්වැඩියා වියදම් 001-1-1-0-2001 (රු. මිලියන) |
එකතුව (රු. මිලියන) |
|
1 |
2018 |
15 |
110 |
125 |
|
2 |
2019 |
15 |
62.2 |
77.2 |
|
3 |
2020 |
12 |
22.7 |
34.7 |
|
4 |
2021 |
10 |
18.8 |
28.8 |
|
5 |
2022 |
12 |
13.6 |
25.6 |
|
6 |
2023 |
26.4 |
11 |
37.4 |
|
7 |
2024 |
13.9 |
10.5 |
24.4 |
|
8 |
2025 |
7.5 |
3 |
10.5 |
|
9 |
2026 ජනවාරි- ජුනි |
3 |
0.4 |
3.4 |
(iv) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය හා විවිධ ප්‍රදේශයන්හී පවතින ජනාධිපති මන්දිර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම මැයෙන් ඉදිරිපත් කරන ලද අංක අමප/24/2134/816/008 හා 2024.12.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කමිටුවක් පත් කර ඇත.
කමිටු වාර්තාව මේ වන විට ලබා දී ඇති අතර, එහි නිර්දේශ මත වාණිජමය හා වෙනත් කටයුතු වෙනුවෙන් මෙම මන්දිර භාවිත කළ යුතු ආකාරය පිළිබඳව ඉදිරි කටයුතු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks