E   |     |  

 දිනය: 2026-04-24   පිළිතුර ලබා දී ඇත 

0135/2026: කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු: වෙන් කර ඇති නිල නිවාස

.

අසන ලද දිනය

2026-04-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සඳහා නිල නිවාස 04ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා නිල නිවාස 19ක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිල නිවාස 98ක් ලබා දී ඇත.

              (ii)      නිල නිවාස භාවිත කරනු ලබන අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ විස්තර ඇමුණුම I** ලෙසත්, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ විස්තර ඇමුණුම II** ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විස්තර ඇමුණුම III** ලෙසත් ඉදිරිපත් කරමි.

(iii) වත්මන් රජය පත්වීමත් සමඟ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පදිංචිය සඳහා සුඛෝපභෝගී නිල නිවාස ලබා නොදීම යන තීරණයට එළඹ ඇත. ඒ අනුව, හිටපු අමාත්‍යවරුන්ගේ පදිංචිය සඳහා වෙන්කර පැවැති රජයේ බංගලා, නිවාස කිසිවක් වර්තමාන අමාත්‍යවරුන්ගේ / නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ / පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පදිංචිය සඳහා වෙන්කර දී නොමැත. එසේ වුවද, මහජන නියෝජිතයින් සඳහා නවාතැන් පහසුකම් ලබා දීමට පවතින මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙහි ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දුර බැහැර පදිංචි මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා අමප/11/1686/525/118 හා 2011.09.07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මිලදීගෙන ඇති කොළඹ 04 ලොරිස් නිවාස සංකීර්ණයේ නිවාස වෙන්කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-06-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks