01

E   |     |  

 දිනය: 2025-01-09   පිළිතුර ලබා දී ඇත 

0133/2025: සිවිල් නඩු අවසන් කිරීමේදී ප්‍රමාදය වැළැක්වීම: ක්‍රියාමාර්ග

133/2024

ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ විභාග කරමින් පවතින අවුරුදු පහ ඉක්ම වූ සහ අවුරුදු දහය ඉක්මවූ සිවිල් නඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       නඩු විභාග කර අවසන් කිරීමේදී පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-09

අසන ලද්දේ

ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අවුරුදු පහ ඉක්මවූ (එනම් අවුරුදු 5 - 10 අතර) සිවිල් නඩු ගණන -29,132

                        අවුරුදු දහය ඉක්ම වූ සිවිල් නඩු ගණන - 17,271

              (ii)      ගරු මන්ත්‍රීතුමනි, මා කෙටි උත්තරයක් දෙන්නම්. මොකද, මේ සඳහා දීර්ඝ උත්තරයක් තිබෙන්නේ. All the details are in this Answer. එය මම සභාගත කරන්නම්.

                        අධිකරණ සංඛ්‍යාව සුදුසු පරිදි වැඩි කිරීම.

a) කළමනාකරණය කර ගත හැකි නඩු සංඛ්‍යාවක් එක් අධිකරණයකට ලබා දීම.

 

b) අධික නඩු සංඛ්‍යාවක් පවතින අධිකරණ සඳහා අතිරේක අධිකරණ පිහිටුවීම.

උදාහරණ වශයෙන් මෑතකදී කරපු ඒවා මෙහි ඉදිරිපත් කර තිබෙනවා.

c) සංචාරක අධිකරණ කලාප ස්ථිර අධිකරණ කලාප ලෙස පිහිටුවා තිබෙනවා.

ඒ සඳහා උදාහරණ ඉදිරිපත් කර තිබෙනවා.

d) ඒකාබද්ධ අධිකරණ පිහිටුවීමත් තව එකක් හැටියට සලකනවා. තෝරාගත් සිවිල් සහ මහෙස්ත්‍රාත් අධිකරණ.

e) ඒ වාගේම අධික නඩු සංඛ්‍යාව හා අනෙකුත් අවස්ථානුගත කරුණු පිළිබඳව සැලකිල්ලට ගෙන අධිකරණ සේවා කොමිෂන් සභාව හා එක්ව අවශ්‍ය අවස්ථාවල නව අධිකරණ බලප්‍රදේශ පිහිටුවීම.

ඔබතුමන්ලා දන්නවා, කොවිඩ් ව්‍යාප්තියට පෙර Court Expansion Programme එකක් පටන් ගත් බව. නමුත්, ඒක නැවතුණා. Court Expansion Programme එකේ මූලික බලාපොරොත්තුවක් වුණේ, එක නඩුකාරතුමෙකුට handle කරගත හැකි නඩු ප්‍රමාණයක් අධිකරණයට ලබා දෙන එක. For this, we mainly used and based ourselves on the Final Report of the Committee Appointed to Review the Demarcation of Jurisdiction and to Increase the Number of Courts Houses Including the High Courts headed by Justice Mahinda Samayawardhena.

Then,  Small Claims Court and Pre-Trial Courts. Although all the procedure are in place, තවම තිබෙන්නේ සුළු හිමිකම් අධිකරණ දෙකයි, ගරු මන්ත්‍රීතුමනි.

ඒ, මහනුවර සහ මාතර අධිකරණ පමණයි. ඒ නිසා අපි පූර්ව නඩු විභාග සහ Small Claims Courts හදන්න ගාල්ල, කන්තලේ, මාතලේ, නිකවැරටිය, පුත්තලම, වාලච්චේන සහ මහව අධිකරණ බල ප්‍රදේශවල නව ගොඩනැඟිලි ඉදි කරමින් පවතිනවා. Then, you can convert those to Small Claims Courts.

වාණිජ මහාධිකරණ සංඛ්‍යාව 4 දක්වා වැඩි කර තිබෙනවා. 5වන මහාධිකරණය සූදානම් වෙලා තිබුණාට යටිතල පහසුකම් ගැටලුවක් නිසා එය තවම ආරම්භ කරලා නැහැ.

සංචාරක අධිකරණ 7ක් මහෙස්ත්‍රාත් අධිකරණ දක්වා උසස් කර තිබෙනවා. ඒවා තමයි, මැදවච්චිය, කහටගස්දිගිලිය, නොච්චියාගම, කලවන්චිකුඩි, කලවාන, පස්සර සහ නාරම්මල.

ඒ වාගේම, නඩු සංඛ්‍යාව පදනම් කරගෙන අතිරේක මහාධිකරණ 3ක්, අතිරේක දිසා/මහෙස්ත්‍රාත් අධිකරණ 12ක්, අතිරේක දිසා අධිකරණ 2ක්, අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණ 1ක් ස්ථාපිත කර තිබෙනවා. අතිරේක මහාධිකරණ 3 තමයි, කොළඹ, මහනුවර සහ අනුරාධපුර.

ඉතාම පැරැණි නඩු පවතින අධිකරණ හඳුනාගෙන එම පැරැණි නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම සඳහා පමණක්, යටිතල පහසුකම් හා කාර්ය මණ්ඩලය පවතින්නේ නම් වෙනම විනිශ්චයකාරවරුන් පත් කිරීමටත් අපි උත්සාහ කරමින් සිටිනවා.

Then, Model Courts. I think it is a programme that was started earlier. It has now expanded up to 21 court houses and we are continuing with it.

නඩු කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ප්‍රමාදයන් පවතින බවට ලැබෙන පැමිණිලි පිළිබඳව හැකි සෑම අවස්ථාවකදීම අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් සොයා බැලීම අපි සිදු කරනවා.

ඒකාබද්ධ අධිකරණවල පවතින අපරාධ හා සිවිල් නඩු සංඛ්‍යාවේ ඉහළ යෑමත් සමඟ තවදුරටත් එම අධිකරණ ඒකාබද්ධ තත්ත්වයෙන් පවත්වාගෙන යෑම ඵලදායී නොවන තත්ත්වයකට පත් වන විට, ඒකාබද්ධ අධිකරණ වෙනම දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ වශයෙන් වෙන් කොට ස්ථාපිත කිරීම සිදු කරනු ලබනවා. කැස්බෑව, මොරටුව, වලස්මුල්ල, තංගල්ල යනාදී ප්‍රදේශවල පවතින අධිකරණ එයට උදාහරණයි.

අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේදී අප මුහුණ දෙන ගැටලුවක් තිබෙනවා. අධිකරණවල බරපතළ ලෙස කාර්ය මණ්ඩල හිඟයක් තිබෙනවා, පසුගිය වසර දෙක තුළ කිසිම recruitment එකක් වෙලා නැති නිසා. අත්‍යවශ්‍ය ‍පුරප්පාඩු 753ක් හඳුනාගෙන දැන් ඒ සඳහා බඳවා ගන්න කටයුතු කරමින් ඉන්නවා. ඊට අමතරව, උපලේඛනගත නොවන නිලධාරින් ලෙස සිතාසි බෙදන්නන් 151ක්, අධිකරණ ඝෝෂක හා ප්‍රවේශකයන් 29ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනවා.

ඒ වාගේම, ඔබතුමන්ලා දන්නවා that there is a delay in Government Analyst's reports because there is a severe staff shortage in the Government Analyst's Department. So, to start with, we are in the process of recruiting at least 16 more because, as you know, the remands are overflowing becaue of that delay. එය අපේ අවධානයට යොමු වෙලා තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.

ඔබතුමන්ලා දන්නවා, සාමාන්‍යයෙන් වෙනත් රටවල් හා සසඳන කොට ඕනෑම දියුණු රටක ජනගහනයෙන් මිලියනයකට අඩුම ගණනේ නඩුකාරවරු 30ක, 40ක ප්‍රමාණයක් ඉන්නවා කියලා. නමුත්, අපේ රටේ ඉන්නේ ඇත්තටම 19යි. ඒ නිසා මේ වන කොට අපි නිලධාරින් 50දෙනෙකු Judicial Officersලා වශයෙන් බඳවා ගෙන තිබෙනවා. ඒ, 46දෙනෙක් මහෙස්ත්‍රාත්වරුන් වශයෙන් සහ තවත් 4දෙනෙක් LT Presidentsලා වශයෙන්.

සමථ මණ්ඩල විශේෂ ආරාවුල් විසඳීමේ පනත යටතේ ඉඩම් ආරාවුල් සමථ මණ්ඩල දිස්ත්‍රික්ක 16ක තිබෙනවා. අපි ඉදිරියේදී ඉතිරි දිස්ත්‍රික්ක 9 තුළත් ඒවා පිහිටුවීමට කටයුතු කරනවා, as an alternative way of reducing the courts' workload.

ඒ වාගේම 2024 අංක 2 දරන සමථ මණ්ඩල (සංශෝධන) පනත මඟින් සිවිල් ආරවුලක් අධිකරණය වෙත යොමු කිරීමට පෙර සමථ මණ්ඩලයට යොමු කළ යුතු මූල්‍ය සීමාව ලක්ෂ 10 දක්වා වැඩි කර තිබෙනවා. මේ වන විට සමථ මණ්ඩලයට ආරවුල් 126,253ක් ලැබිලා තිබෙනවා.

ඒ වාගේම මහනුවර, කොළඹ සහ මාතර වෙනම සුළු හිමිකම් අධිකරණ පිහිටුවා තිබෙනවා. 

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය සඳහා අධ්‍යයනයක් සිදු කර ඇති අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම දැනට ප්‍රමාද වී ඇති අතර, එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා.

On the Court Automation Programme, we have appointed a committee headed by Justice Arjuna Obeysekere and have identified two court complexes, one, in Negombo and the other in Kandy, to implement the Court Automation Programme, which is another attempt to expedite the process.

ඒ වාගේම, යුක්තිය පසිඳලීමේ ස්වාධීන සහ කාර්යක්ෂම යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මඟින් එම ක්‍රියාවලිය පිළිබඳ ජනතා විශ්වාසය ගොඩ නඟා නීතියේ ආධිපත්‍යය සුරැකීමට අප රජය කටයුතු කරනු ලබනවා. එසේම මිල අධික අධිකරණ ක්‍රියාවලිය ජනතාවට දැරිය හැකි මුදලකට පරිවර්තනය කොට නීතියේ සම ප්‍රවේශය සෑම පුරවැසියෙකුටම සහතික කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අප රජය විසින් ගනු ඇත.

(ආ) අදාළ නොවේ.

ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නයට අදාළ සවිස්තරාත්මක පිළිතුර මම සභාගත* කරනවා.

පිළිතුරු දුන් දිනය

2025-05-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks