පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
127/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024 වර්ෂයේ දී පැවති ජනාධිපතිවරණයෙන් පසුව මේ දක්වා මුද්‍රණය කරන ලද නෝට්ටු හා කාසිවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කොපමණද;
(ii) එම නෝට්ටු හා කාසි මුද්‍රණය කරන ලද අවස්ථා සංඛ්‍යාව කොපමණද;
(iii) මුද්‍රණය කරන ලද නෝට්ටු සහ කාසි වර්ග සහ එම එක් එක් නෝට්ටු හා කාසි වර්ගයෙන් මුද්‍රණය කරන ලද වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඒවා මුද්‍රණය කිරීමට හේතු කවරේද;
(v) එම නෝට්ටු හා කාසි මුද්‍රණය කිරීම සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද;
(vi) එම නෝට්ටු හා කාසි භාවිතා කර ඇති අරමුණ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉදිරියේදී නෝට්ටු හා කාසි මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන්නේද;
(ii) එසේ නම්, එම නෝට්ටු හා කාසිවල වටිනාකම කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-21
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024 ජනාධිපතිවරණයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 වර්ෂයට අදාළව වාර්ෂික මුදල් නෝට්ටු 2024.10.20 දින ලබා දෙන ලද අතර, ඊට අදාළ තොග කිසිවක් මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී නොමැත. ඒ අනුව 2024 වර්ෂයේ ජනාධිපතිවරණයේ සිට මේ දක්වා මුද්‍රණය කර නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
නමුත් සාමාන්‍යයෙන් මුදල් මුද්‍රණය කිරීමට, ඇණවුම් කිරීමට හේතුවක් ලෙස 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 44 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය මහ බැංකුව සතුය. මහ බැංකු පනතේ 52 වන වගන්තිය ප්‍රකාරව, සංසරණය සඳහා කවර හෝ හේතුවක් නිසා යෝග්‍ය නොවන සියලුම ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි මහ බැංකුව විසින් සංසරණයෙන් ඉවත් කරනු ලැබිය යුතු අතර, ප්‍රායෝගිකව හැකි ඉක්මනින් සහ පාලක මණ්ඩලය විසින් තත් කාර්ය සම්බන්ධයෙන් සාදනු ලබන රීතිවලට යටත්ව, ඒ මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට භාවිතයට යෝග්‍ය ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි හුවමාරු කිරීම මඟින් ප්‍රතියෝජනය කරනු ලැබිය යුතුය.
තවද, මහ බැංකු පනතේ 54 වන වගන්තිය ප්‍රකාරව ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි සැපයුම නිතිපතා පවත්වාගෙන යෑම තහවුරු කිරීම පිණිස මහ බැංකුව විසින් ව්‍යවහාර මුදල් තොග ඇති කර පරිපාලනය කරනු ලැබිය යුතුය.
මහජන ඉල්ලුම සපුරාලීමට සහ නිසි ගුණාත්මක බවින් යුතු නෝට්ටු හා කාසි අවශ්‍ය ප්‍රමාණයෙන් පවත්වා ගැනීම තහවුරු කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු මුද්‍රණය සහ කාසි නිකුත් කිරීම සිදු කරනු ලැබේ.
(v) මහ බැංකු පනතේ 44 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය මහ බැංකුව සතුය. මහ බැංකු පනතේ 50 වන වගන්තිය ප්‍රකාරව ව්‍යවහාර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ කාසි නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හෝ විදේශයක සිටින වෙනත් යම් තැනැත්තකු සමඟ ගිවිසුම්වලට ඇතුළත් වීමට මහ බැංකුවට අධිකාරී බලය තිබිය යුතුය.
ඒ අනුව, මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සහ කාසි නිකුත් කිරීමේ ඇණවුම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
(vi) මහ බැංකු පනතේ 47(1) වගන්තිය ප්‍රකාරව මහ බැංකුව විසින් නිකුත් කරන ලද සියලුම ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි ඕනෑම වටිනාකමක් ගෙවීම සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් පවතී.
එමෙන්ම, මහ බැංකු පනතේ 47(2) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ වාසිකයන් අතර සිදු කරන හෝ පියවනු ලබන යම් ගනුදෙනුවක්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ කාර්යය සඳහා මහ බැංකුව විසින් අන්‍යාකාරයෙන් බලය ලබා දී ඇත්නම් මිස, ශ්‍රී ලංකා රුපියල්වලින්ම සිදු කළ යුතුය. ඒ අනුව, උක්ත ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලට අනුකූලව දේශීය ගනුදෙනු සඳහා වන මහජන ඉල්ලුම සපුරාලීම සඳහා ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි භාවිත කරනු ලැබේ.
(ආ) (i) ඔව්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කරමින් ව්‍යවහාර මුදල් සඳහා ඇති ඉල්ලුම මත පදනම්ව අනාගතයේදී ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිෂ්පාදනය කර නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.
(ii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ ඉල්ලුම් පුරෝකථනය - demand forecast එක - තක්සේරු කිරීම් මත පදනම්ව එසේ අවශ්‍ය කරන මුදල් නෝට්ටු ප්‍රමාණය සහ කාසි ප්‍රමාණය නිකුත් කිරීම සඳහා වාර්ෂික හෝ අර්ධ වාර්ෂික පදනම මත ඇණවුම් ලබාදෙනු ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-03-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks