E   |     |  

 දිනය: 2025-03-14   පිළිතුර ලබා දී ඇත 

0126/2025: 2024.01.01 දින සිට ලබා ගත් IMFණය: විස්තර

126/2024

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2024.01.01 දින සිට 2024.09.21 දින දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති මුළු ණය මුදල කොපමණද;

            (ii)       2024.09.21 දින සිට මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති මුළු ණය මුදල කොපමණද;

(iii) ඉහත (ii)හි සඳහන් ණය මුදල ලබා ගන්නා ලද අවස්ථා සංඛ්‍යාව කොපමණද;

(iv) එම ණය මුදල් ලබා ගන්නා ලද අරමුණ කවරේද;

(v) එම ණය මුදල් සඳහා අය කරනු ලබන පොළී ප්‍රතිශතය කවරේද;

(vi) එම ණය වාරික ආපසු ගෙවීම ආරම්භ කළ යුතු දිනය සහ ගෙවා අවසන් වන දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-14

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      තුන්වන වාරිකය - විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254

                          (එ.ජ.ඩො. මිලියන 336ක් පමණ) (විනිමය අනුපාතිකය USD: LKR 1:301.952)

              (ii)      හතරවන වාරිකය - විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254

                          (එ.ජ.ඩො. මිලියන 334ක් පමණ) (විනිමය අනුපාතිකය USD: LKR 1:295.347)

(iii) එක් අවස්ථාවකි.

(iv) ශ්‍රී ලංකා ආර්ථිකය තුළ අය වැය හා ගෙවුම් ගලනය/බාහිර අංශය සම්බන්ධය ප්‍රතිපත්තිමය ගැළපුම් සිදු කිරීමට මෙම ණය ලබා ගන්නා ලදී. එම මුදල රජයේ අය වැය හිඟය පියවීම සඳහා යොදා ගන්නා ලදී.

(v) මෙම ණය මුදල සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතය වෙළෙඳ පොළ සාධක මත තීරණය වන විදේශ ගැනුම් හිමිකම් පොලී අනුපාතය -SDRi- සහ ආන්තිකය - දැනට එම ආන්තිකය පදනම් අංක 60ක් වේ- විදේශ ගැනුම් හිමිකම් පොලී අනුපාතය සතිපතා ගණනය කරනු ලබන අතර එය https://www.imf.org/external/np/fin/data/sdr_ir.aspx වෙතින් ලබා ගත හැක.

2025 වසරේ මාර්තු පළමු සතිය සඳහා විස්තීර්ණ ණය පහසුකමෙහි මූල්‍යන සඳහා ඵලදායී පොලී අනුපාතය 3.143 + 0.6 = 3.743%කි.

2024 වසරේ නොවැම්බර් 01 දිනට පෙර, මෙම ආන්තිකය පදනම් අංක 100ක් ලෙස පැවතුණි. විදේශ ගැනුම් හිමිකම් පොලී අනුපාතය සතිපතා තීරණය වන බැවින් එහි පුරෝකථන ලබා දිය නොහැක.

(vi)

 

ගෙවීම් ආරම්භය

ගෙවීම් සම්පූර්ණ කිරීම

තුන්වන වාරිකය

2028 දෙසැම්බර්

2034 මැයි

හතරවන වාරිකය

2029 සැප්තැම්බර්

2035 පෙබරවාරි

 

 

 

 

 

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks