04

E   |     |  

 දිනය: 2025-02-07   පිළිතුර ලබා දී ඇත 

0123/2025: අධ්‍යාප‍නවේදී උපාධි පාඨමාලාව: විස්තර

----

අසන ලද දිනය

2025-02-07

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව පවත්වනු ලබන විශ්වවිද්‍යාල සංඛ්‍යාව 04කි.

              (ii)      1.  කොළඹ විශ්වවිද්‍යාලය

                        2.  පේරාදෙණිය විශ්වවිද්‍යාලය

                        3.  නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

                        4.  ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

             (iii)     

විශ්වවිද්‍යාලය

උපාධි පාඨමාලාව

අධ්‍යයන වර්ෂය

බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය

කොළඹ විශ්වවිද්‍යාලය

අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (1)

2021/2022

130

 

ප්‍රාථමික අධ්‍යාපනය - අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (2)

2022/2023

75

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (1)

2021/2022

167

නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව

අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (1)

2021/2022

34

 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (3)

අධ්‍යාපනවේදී ගෞරව උපාධිය

  2024

27

 

නාට්‍ය හා රංග කලාව පිළිබඳ අධ්‍යාපනවේදී උපාධිය

 

31

 

විශේෂ අවශ්‍යතා පිළිබඳ අධ්‍යාපනවේදී උපාධිය

 

159

 

ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය

 

2158

 

ස්වාභාවික විද්‍යාව පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය

 

05

 

සටහන:

              (1)      සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය 3 සඳහාම බඳවා ගනු ලැබේ. ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වූ සිසුන්ගේ ප්‍රථම වසර ප්‍රතිඵල මත ‍තෝරා ගනු ලැබේ.

(2) ප්‍රාථමික අධ්‍යාපනය - අධ්‍යාපනවේදී ගෞරව උපාධිය 2024 වර්ෂයේ සිට අපොස (උසස් පෙළ) ප්‍රතිඵල මත ඍජුව සිසුන් ඇතුළත් කරගනු ඇත.

              (3)      තරග විභාගයක් පවත්වා සිසුන් ඇතුළත් කර ගනු ලබයි. (දත්ත 2024 ජුනි 30 දිනට අදාළව)

මම ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් කළ යුතුයි. අධ්‍යාපනවේදී උපාධියට බඳවා ගැනීමේදී විශේෂතාවක් තිබෙනවා. දැනට විශ්වවිද්‍යාල හතරක බඳවා ගැනීම් සිද්ධ කරනවා. ඒ තමයි කොළඹ, පේරාදෙණිය, නැ‍ඟෙනහිර සහ විවෘත විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාල. එතැනදී කොළඹ විශ්වවිද්‍යාලය,‍ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අ‍පොස (උසස් පෙළ) Z-score එක අනුව, කලා විෂය ධාරාව අනුව බඳවා ගන්නා ප්‍රථම වසර ප්‍රතිඵල මත අධ්‍යාපනවේදී ගෞරව උපාධිය සඳහා සිසුන් යොමු කෙරෙනවා.

විවෘත විශ්වවිද්‍යාලය මඟින් තරග විභාගයක් පවත්වා අධ්‍යාපනවේදී ගෞරව උපාධි පාඨමාලා පහක් සඳහා සිසුන් ඇතුළත් කර ගන්නවා.

ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලය මේ සම්බන්ධයෙන් Z-score එක පදනම් කර ගනිමින් සිසුන් 75ක් ඍජුවම ඇතුළත් කර ගන්නවා.

(iv) ඔව්.

(v) ඔව්. වර්තමාන අධ්‍යාපනවේදී උපාධිය මානව හා සමාජ විද්‍යා විෂය ධාරාව හරහා විද්‍යාව, ගණිතය, තොරතුරු තාක්ෂණය ආදි විෂයයන් ඉගැන්වීමේ කුසලතා සංවර්ධනය වන පරිදි අධ්‍යාපන පීඨ තුළ ක්‍රියාත්මක වනු ඇත. දැනට පවතින මානව සම්පත් සහ භෞතික සම්පත් ප්‍රමාණය සංවර්ධනය කර ගැනීම හරහා බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට අපේක්ෂා කරයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මේ සම්බන්ධව කෙටි පැහැදිලි කිරීමක් කරන්න කැමැතියි. අපි විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව මේ වසරේදී වැඩි කරනවා. එහිදී අනධ්‍යයන සහ අධ්‍යයන කාර්ය මණ්ඩල ගැනත්, විශේෂයෙන්ම සිසුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා -භෝජනාගාර සහ නේවාසිකාගාර පහසුකම්- ගැනත් විශේෂිත අවධානයක් යොමු කරමින් තමයි එසේ බඳවා ගන්නා සංඛ්‍යාව වැඩි කරන්නේ.

(ආ) පැන නොනගී.

 

පිළිතුරු දුන් දිනය

2025-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks