E   |     |  

 දිනය: 2026-04-10   පිළිතුර ලබා දී ඇත 

0122/2026: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්: නිල වරප්‍රසාද

.

අසන ලද දිනය

2026-04-10

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      1.  ලිපිද්‍රව්‍ය

                        2.  ආරක්ෂක විදුලි පහන්

                        3.  නිදහස් ගිනි අවි බලපත්‍ර

                        4.  නිදහස් තැපැල් පහසුකම්

                        5.    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන       මාදිවෙල  නිවාස සංකීර්ණය

                        6.  නුවරඑළිය නිවාඩු නිකේතනය

                        7.  කාර්යාල උපකරණ

                        8.  වෛද්‍ය පහසුකම් සහ ප්‍රථමාධාර -

 

                                   පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ

 

*      පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය

* පාර්ලිමේන්තු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

* "හෙළ වෙද පුනරුද" ආයුර්වේද වෛද්‍ය විශේෂ සායනය

 

 

පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටත:

 

* ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නේවාසික වෛද්‍ය පහසුකම්

* පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණ ක්‍රමය

9. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හදිසි අනතුරු මරණ සඳහා වන්දිය

10. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය

11. මන්ත්‍රීවරුන් වෙත තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර

ලබා දී ඇති ඉහත වරප්‍රසාද පිළිබඳ විස්තර ඇමුණුම - 1** මඟින් දක්වා ඇත.

(ii) ඔව්.

(iii) 1. 2026.02.17 දිනැතිව නිකුත් කරන ලද 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනතට අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන ප්‍රකාර, 1982 අංක 1 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හෝ 1990 අංක 47 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ ඉහත සඳහන් විධිවිධාන යටතේ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තකුට මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප ලැබීම නතර විය යුතු බව සඳහන් කර ඇත. (ඇමුණුම - II** මඟින් දක්වා ඇත.)

2. තවද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමූහ රක්ෂණාවරණය 2025 අගෝස්තු 02 දිනැති අංක අපම/25/1297/821/031 දරන අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව රුපියල් මිලියනයේ (රුපියල් 1,000,000) සිට රුපියල් දෙලක්ෂ පනස් දහස (රුපියල් 250,000) දක්වා රක්ෂණාවරණය අඩු කර ඇත.

3. මන්ත්‍රීවරුන් වෙත ලබා දුන් තීරු බදු රහිත වාහන බලපත්‍ර සම්බන්ධව අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි සහ පවතින රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරනු ලබයි.

(ආ) (i) මෙම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදුකොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අදහස් කරයි.

(ii) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත් පසු සභාගත කළ හැක.

(iii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල වාහන ලබා නොදේ.

මන්ත්‍රී භෝජනාගාරය නමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් විශේෂ වූ භෝජනාගාරයක් පාර්ලිමේන්තු ‍ගොඩනැඟිල්ලේ පළමු මාලයේ පිහිටා ඇත. පහත සඳහන් සහන මිල ගණන් මත උදය ආහාරය, දිවා ආහාරය සහ සවස තේ මන්ත්‍රී භෝජන ශාලාවේදී මන්ත්‍රීවරුන්ට සපයනු ලැබේ.

උදය ආහාරය රුපියල්  600.00

දිවා ආහාරය රුපියල්  1200.00

කෙටි ආහාර සමඟ තේ                                                           (දිනකට එක්වරක්)   රුපියල්    200.00

තවද, මන්ත්‍රීවරුන්ගේ අමුත්තන්ගේ භෝජනාගාරය සහ මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික භෝජනාගාරය නමින් භෝජනාගාර 02ක් පාර්ලිමේන්තු ‍ගොඩනැඟිල්ලේ පළමු මහලේ පිහිටා ඇති අතර, ගරු මන්ත්‍රීවරුන්ගේ සහ ගරු ඇමතිවරුන්ගේ ආරාධිතයන් එක් අයෙකු වෙනුවෙන් දිවා ආහාරය සඳහා රුපියල් 900.00ක් අය කරනු ලබන අතර, පානීය ජලය මිලිලීටර් 500ක් සඳහා රුපියල් 40.00ක් අය කෙරේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-06-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks