01

E   |     |  

 දිනය: 2025-09-24   පිළිතුර ලබා දී ඇත 

0118/2025: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්: නිල නිවාස

118/2024

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මේ වනවිට පවතින නිල නිවාස සංඛ්‍යාව කොපමණද;

              (ii)       මේ වනවිට නිල නිවාස ලබා ගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව සහ නිල නිවාස ලබා ගෙන නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) නිල නිවාස ලබා ගෙන ඇති සහ නිල නිවාස ලබා ගෙන නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මේ වන විට පවතින නිල නිවාස සංඛ්‍යාව 111කි.

              (ii)     

  • මේ වන විට -2025.09.01 දිනට- මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස ලබාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 111කි.
  • මේ වන විට -2025.09.01 දිනට- මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස ලබාගෙන නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 112කි.

 

(ආ)            අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-09-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks